ප්රජාව
- 38කැමතියිනිදහස්SanjulaW21:10කුසල් මෙන්ඩිස් සහ බිනුර ප්රනාන්දු එංගලන්ත T20 තරගාවලියෙන් ඉවතටපුවත ප්රවෘත්ති පිටුවේ තියෙනවා. තරගාවලිය පටන් ගන්න කලින් මේක ලොකු පාඩුවක්. කුසල් නැති වුණාම ඉහළ පෙළ තව දුර්වල වෙනවා. බිනුර නැතිවීම පන්දු යැවීමට බලපානවා, විශේෂයෙන් අන්තිම ඕවර වලදී. කවුද ඒ තැන් දෙකට එන්නේ? ලයන්ස් තරග දෙකෙන් ඒක තීරණය වෙයි කියලා හිතනවා.4 අදහස්906 නැරඹුම්
- 14කැමතියිනිදහස්කසුන් ප්රියන්ත10:05අද රෑ 8ට අවසන් පූර්ව වටය — ලංකා කාන්තා කණ්ඩායමපකිස්තානය එක්ක අවසන් පූර්ව වටයේ තරගය අද රෑ 8ට පටන් ගන්නවා. අපේ කණ්ඩායම මේ තරගාවලියේ හොඳට ක්රීඩා කරලා තියෙනවා. ඒත් මුල් ඕවර ටිකේදී විකට් වැටෙන එක තමයි තාම ප්රශ්නේ. ඒක අද හරියට ගියොත් අනිත් ටික ලේසි. කවුද අද බලන්නේ? මෙතන එකතු වෙමු.4 අදහස්215 නැරඹුම්
- 12කැමතියිවිශ්ලේෂණයChamiA11:15අවසන් පූර්ව වටයට පිතිකරණ අනුපිළිවෙල වෙනස් කරන්න ඕනද?පසුගිය තරග දෙකේදිම මුල් විකට් කීපයක් ඉක්මනට වැටුණා. පස්සෙන් ආපු අය තමයි ලකුණු ටික හදාගත්තේ. ඉතින් ප්රශ්නේ මේකයි. අවසන් පූර්ව වටයට ඉහළ පෙළ වෙනස් කරනවද, නැත්නම් තියෙන අයටම තව අවස්ථාවක් දෙනවද? මගේ අදහස නම් වෙනස් කරන්න ඕන නෑ. ලොකු තරගයකට කලින් අනුපිළිවෙල වෙනස් කරලා ලොකු වැඩක් වෙන එකක් නෑ. දෙපාරක්ම ලකුණු හදාගත්තේ එකම අය නම්, ඒ අයට තව ටිකක් ඉහළින් ක්රීඩා කරන්න දෙන එක ඇති.2 අදහස්190 නැරඹුම්
- 9කැමතියිනිදහස්රුවන් ම.11:40එංගලන්ත ලයන්ස් තරගය රෑ 11ට — කවුද අවදියෙන් ඉන්නේ?ලංකා කණ්ඩායම එංගලන්ත ලයන්ස් එක්ක ක්රීඩා කරන්නේ අද රෑ 11ට. එංගලන්තේ වෙලාවට තමයි පටන් ගන්නේ, ඒ නිසා අපිට නම් හරිම රෑ. හෙට උදේ වැඩට යන්න තියෙනවා. ඒත් බලනවා.3 අදහස්143 නැරඹුම්