අවසන් පූර්ව වටයට පිතිකරණ අනුපිළිවෙල වෙනස් කරන්න ඕනද?
ChamiA11:15190 නැරඹුම්
පසුගිය තරග දෙකේදිම මුල් විකට් කීපයක් ඉක්මනට වැටුණා. පස්සෙන් ආපු අය තමයි ලකුණු ටික හදාගත්තේ. ඉතින් ප්රශ්නේ මේකයි. අවසන් පූර්ව වටයට ඉහළ පෙළ වෙනස් කරනවද, නැත්නම් තියෙන අයටම තව අවස්ථාවක් දෙනවද? මගේ අදහස නම් වෙනස් කරන්න ඕන නෑ. ලොකු තරගයකට කලින් අනුපිළිවෙල වෙනස් කරලා ලොකු වැඩක් වෙන එකක් නෑ. දෙපාරක්ම ලකුණු හදාගත්තේ එකම අය නම්, ඒ අයට තව ටිකක් ඉහළින් ක්රීඩා කරන්න දෙන එක ඇති.