
ශ්රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන සංචාරය 2026
ශ්රී ලංකා ජාතික පිරිමි කණ්ඩායම 2026 ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී පාකිස්තානයේ සංචාරයක නිරත වෙයි.
පුවත
ඉංග්රීසි සහ සිංහල ක්රිකට් පුවත්, නවතම පළමුව.

ශ්රී ලංකා ජාතික පිරිමි කණ්ඩායම 2026 ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී පාකිස්තානයේ සංචාරයක නිරත වෙයි.
පුවත

ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ පාකිස්තාන සංචාරය ඔක්තෝබර් 9 වැනිදා රාවල්පිණ්ඩිහිදී ආරම්භ වන අතර, එහිදී දෙරට අතර විස්සයි-20 තරග තුනකින් සමන්විත තරගාවලියක් පැවැත්වීමට නියමිතය.
පුවත

ඉදිරි ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් දිගුකාලීනව ස්ථාවර ශ්රී ලංකා කණ්ඩායමක් ගොඩනැගීම සඳහා ක්රීඩකයන්ගේ දක්ෂතා, ශාරීරික යෝග්යතාව සහ නායකත්ව හැකියාවන් පිළිබඳව වඩාත් අවධානය යොමු කරමින් තේරීම් කටයුතු සිදුකරන බව ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටු සභාපති කපිල විජේගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව මෑතකදී සිදු කළ නායකත්ව හා උපනායකත්ව වෙනස්කම් මෙන්ම ජ්යෙෂ්ඨ හා නැගී එන ක්රීඩකයන් සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණ ද ඉදිරි ලෝක කුසලාන සැලසුමේ කොටසක් බව ඔහු සඳහන් කළේය.
පුවත

ශ්රී ලංකා ක්රිකට් සංවිධානය කරන Major Club විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ අවසන් තරග අද (9) ආරම්භ වූ අතර එහි දී නුවනිඳු ප්රනාන්දු, නිශාන් මදුශ්ක සහ සිනෙත් ජයවර්ධන ශතක වාර්තා කිරීමට සමත් වූවා.
පුවත
තරගාවලිය ශ්රී ලංකාවේ නොපැවැත්වීම හේතුවෙන් ශ්රී ලංකාවට USD 20 Millionකට වැඩි මුදලක් අහිමි වන බවට කර ඇති ප්රකාශය සම්බන්ධයෙන් SLC විශේෂයෙන් පැහැදිලි කිරීමක් අපේක්ෂා කරයි.
පුවත

ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර ක්රිකට් තරගාවලිය යටතේ කොළඹ කෝල්ට්ස් ක්රීඩාංගනයේදී අද (08 දා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කළ ශ්රී ලංකා යුද හමුදා ක්රීඩා සමාජය අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. මෙම ජයග්රහණයත් සමඟ යුද හමුදා ක්රීඩා සමාජය අදාළ අවසන් මහ තරගයේදී ගාල්ල ක්රිකට් සමාජය සමඟ තරග වැදීමට නියමිතය. තරගාවලියේ අවසන් මහා තරගය සැප්තැම්බර් 11 වැනිදා බ්ලූම්ෆීල්ඩ් ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
පුවත

ශ්රී ලංකා ක්රිකට් ආයතනය මෙහෙයවනු ලබන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර ක්රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී මොරටුව ක්රීඩා සමාජය කඩුලු 7කින් පරාජය කරමින් ගෝල් ක්රිකට් සමාජය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය. බ්ලූම්ෆීල්ඩ් ක්රීඩාංගණයේදී අද (07 දා) පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීමට තීරණය කළ ගෝල් ක්රිකට් සමාජය, මොරටුව ක්රීඩා සමාජය ලකුණු 143කට සීමා කිරීමට සමත් විය.
පුවත

මේ වසරේ ජූලි මාසයේ ශ්රී ලංකාවේ සංචාරය කළ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ සිටි පා දඟ පන්දු යවන්නකු වන රෝහිත් යාදව්ට, වයස් විෂමතාවක් හේතුවෙන් පසුගිය සිකුරාදා වසර 2ක තහනමක් පැනවිණි
පුවත

කාන්තා T20I තරගවලදී කඩුලු හයක් දවා ගත් පළමු පාකිස්තාන පන්දු යවන්නිය බවට ඇය පත් වූ අතර, හොංකොං ලකුණු 72කින් පරදවමින් පාකිස්තානය ශ්රී ලංකාව සමඟ අවසන් පූර්ව තරගයකට සූදානම් විය.
පුවත

ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්රධානතම සිමිත පන්දුවාර ක්රිකට් 2026 තරගාවලියේ අවසන් මහ තරගයට තරගයට සුදුසුකම් ලබා ගැනීමට මුවර්ස් ක්රීඩා සමාජය අද (7) සමත් විය. කොළඹ පී. සරා ඕවල් ක්රීඩාංගණයේ පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී කොල්ට්ස් ක්රිකට් සමාජයට එරෙහිව ලකුණු 51 ක ජයක් වාර්තා කරමින් අදාළ අවසන් මහ සටනට සුදුසුකම් ලබා ගැනීමට කෝල්ට්ස් ක්රීඩා සමාජය සමත්විය.
පුවත

අද පැවැති අවසන් පූර්ව තරගවලදී පිළිවෙළින් Colombo Cricket Club (CCC) සහ Colts Cricket Club පරාජය කළ Sinhalese Sports Club (SSC) සහ Moors Sports Club, SLC Major Club 50 Over Tournament 2026 තරගාවලියේ අවසන් තරගයේ ස්ථාන තහවුරු කරගත්හ.
පුවත

ශ්රී ලංකා ක්රිකට් සංවිධානය කරන අන්තර් සමාජ ප්රධානතම එක්දින ක්රිකට් 2026 තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී සී.සී.සී. කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්යාය අනුව ලකුණක තියුණු පරාජයකට ඇද දමමින් එස්.එස්.සී. කණ්ඩායම අදාළ තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට අද (07 දා) පස්වරුවේදී සමත්විය.
පුවත

ශ්රී ලංකා ක්රිකට් ආයතනය, ශ්රී ලංකා පාසල් ක්රිකට් සංගමය සමඟ එක්ව, 2026 වසරේ වයස අවුරුදු 13න් පහළ පාසල් ක්රිකට් තරගාවලිය නියෝජනය කරනුු ලබන දිවයිනේ පාසල් 900 ක් සඳහා අවශ්ය ක්රිකට් පන්දු බෙදාදීමේ වැඩසටහන ආරම්භ කර තිබේ. ඒ අනුව, මෙම වැඩසටහන යටතේ පැවැති පළමු අදියරේදී වයස අවුරුදු 13න් පහළ පළමු කාණ්ඩය නියෝජනය කරන පාසල් 81ක් සහ දෙවැනි කාණ්ඩය නියෝජනය කරන පාසල් 84ක් සඳහා ක්රිකට් පන්දු ලබාදීම සිදුකෙරිණි.
පුවත

2026 ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්රිකට් තරගාවලියේ පළමු වටයේ 3 වැනි සහ අවසන් තරගය ද ජයග්රහණය කිරීමට ශ්රී ලංකා ක්රීඩිකාවෝ සමත් වෙනවා. ඒ අනුව ඔවුන් අපරාජිත කිරුළ ද රැක ගනිමින් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා.
පුවත

ලකුණු 44කට කඩුලු 5ක් බිඳ වැටී තරගය බංග්ලාදේශය දෙසට හැරෙමින් තිබියදී ශ්රී ලංකාව වෙනුවෙන් සටන භාරගත් හර්ෂිතා සමරවික්රම, පීඩනය මැද ඉනිම ගොඩනඟමින් 19 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවට එල්ල කළ දැවැන්ත හයේ පහරින් තරගයේ වාසිය සම්පූර්ණයෙන්ම ශ්රී ලංකාව දෙසට හරවා ගත්තාය. ඒ වන විට අවසන් පන්දුවාරයේදී ජයග්රහණය සඳහා ශ්රී ලංකාවට අවශ්යව තිබුණේ ලකුණු 2ක් පමණක් වූ අතර, අවසානයේ පන්දු 4ක් ඉතිරිව තිබියදීම බංග්ලාදේශය කඩුලු 4කින් පරාජය කළ ශ්රී ලංකාව කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ පළමු වටය අපරාජිතව අවසන් කරමින් අවසන් කණ්ඩායම් හතර අතර වන අර්ධ අවසන් තරග වටයට අද (06 දා) රාත්රියේදී සුදුසුකම් ලබා ගත්තේය.
පුවත

ඩුබායි ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදී අද (06) පැවැත්වෙන කාන්තා ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ තරගයේදී බංග්ලාදේශ කාන්තා කණ්ඩායම ලකුණු 114කට සීමා කිරීමට ශ්රී ලංකා පන්දු යවන්නියෝ සමත් වූහ.
පුවත

ශ්රී ලංකා ක්රිකට් සංවිධානය කරන Major Club සීමිත පන්දුවාර එක්දින ක්රිකට් තරගාවලියේ ශූරියන් බවට පත් වීමට Baduraliya SC කණ්ඩායම සමත් වූ අතර එහි අනුශූරියන් බවට පත් වූයේ Panadura SC කණ්ඩායමයි.
පුවත

2026 ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්රිකට් තරගාවලියේ පළමු වටයේ ශ්රී ලංකාව සහභාගී වන 3 වැනි සහ අවසන් තරගය අද (6) බංග්ලාදේශය සමඟින් Dubai ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
පුවත