ශ්රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන සංචාරය ඔක්තෝබර් 09දා ඇරඹේ
ශ්රී ලංකා ක්රිකට්පුවත

ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ පාකිස්තාන සංචාරය ඔක්තෝබර් 9 වැනිදා රාවල්පිණ්ඩිහිදී ආරම්භ වන අතර, එහිදී දෙරට අතර විස්සයි-20 තරග තුනකින් සමන්විත තරගාවලියක් පැවැත්වීමට නියමිතය.
සංචාරයේ පළමු අදියර ලෙස පැවැත්වෙන විස්සයි-20 තරග තුනම රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන අතර, පළමු තරගය ඔක්තෝබර් 9 වැනිදාත්, දෙවැනි තරගය ඔක්තෝබර් 11 වැනිදාත්, තෙවැනි තරගය ඔක්තෝබර් 13 වැනිදාත් පැවැත්වේ.
ඉන් අනතුරුව ශ්රී ලංකාව, පාකිස්තානය සහ එංගලන්තය සහභාගි වන තුන්කොන් එක්දින තරගාවලිය පැවැත්වෙන අතර, එහිදී ශ්රී ලංකාව තරග හතරකට සහභාගි වීමට නියමිතය.
තුන්කොන් තරගාවලියේ ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර පළමු තරගය ඔක්තෝබර් 18 වැනිදා රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන අතර, ඔක්තෝබර් 22 වැනිදා ශ්රී ලංකාව එංගලන්තය සමඟ එම ක්රීඩාංගණයේදීම තරග වැදීමට නියමිතය.
තරගාවලියේ ඉදිරි තරග ලාහෝර්හිදී පැවැත්වෙන අතර, ඔක්තෝබර් 27 වැනිදා ශ්රී ලංකාව සහ පාකිස්තානය අතරත්, ඔක්තෝබර් 29 වැනිදා ශ්රී ලංකාව සහ එංගලන්තය අතරත් තරග පැවැත්වේ. තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගය ඔක්තෝබර් 31 වැනිදා ලාහෝර්හිදී පැවැත්වීමට නියමිතය.
සීමිත පන්දුවාර තරගවලින් අනතුරුව ශ්රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගි වන අතර, ඒ සඳහා තුන්දින පුහුණු තරගයක්ද ඇතුළත් කර තිබේ.
නොවැම්බර් 4 සිට 6 දක්වා ඉස්ලාමාබාද්හිදී තුන්දින පුහුණු තරගය පැවැත්වෙන අතර, පළමු ටෙස්ට් තරගය නොවැම්බර් 9 සිට 13 දක්වා රාවල්පිණ්ඩිහිදී පැවැත්වේ.
සංචාරයේ අවසන් තරගය වන දෙවැනි ටෙස්ට් තරගය නොවැම්බර් 17 සිට 21 දක්වා ලාහෝර්හිදී පැවැත්වීමට නියමිතය.
ඒ අනුව විස්සයි-20, තුන්කොන් සීමිත පන්දුවාර තරගාවලිය සහ ටෙස්ට් තරගාවලිය ඇතුළත් මෙම පාකිස්තාන සංචාරය ශ්රී ලංකා කණ්ඩායමට දීර්ඝ තරග අත්දැකීමක් ලබාදෙන වැදගත් සංචාරයක් බවට පත්වනු ඇත.
දිනයතරගයක්රීඩාංගණය
විස්සයි-20 තරගාවලිය
ඔක්තෝම්බර් 09පළමු විස්සයි-20 තරගයරාවල්පිණ්ඩි
ඔක්තෝම්බර් 11දෙවැනි විස්සයි-20 තරගයරාවල්පිණ්ඩි
ඔක්තෝම්බර් 13තෙවැනි විස්සයි-20 තරගයරාවල්පිණ්ඩි
තුන්කොන් තරගාවලිය
ඔක්තෝම්බර් 18ශ්රී ලංකාව සහ පාකිස්තානය අතරරාවල්පිණ්ඩි
ඔක්තෝම්බර් 22ශ්රී ලංකාව සහ එංගලන්තය අතරරාවල්පිණ්ඩි
ඔක්තෝම්බර් 27ශ්රී ලංකාව සහ පාකිස්තානය අතරලාහෝර්
ඔක්තෝම්බර් 29ශ්රී ලංකාව සහ එංගලන්තය අතරලාහෝර්
ඔක්තෝම්බර් 31අවසන් මහ තරගයලාහෝර්
ටෙස්ට් තරගාවලිය
නොවැම්බර් 04-06තුන්දින පුහුණු තරගයඉස්ලාමාබාද්
නොවැම්බර් 09 – 13පළමු ටෙස්ට් තරගයරාවල්පිණ්ඩි
නොවැම්බර් 17 – 21දෙවැනි ටෙස්ට් තරගයලාහෝර්
ශ්රී ලංකා ක්රිකට් වාර්තාකරණය මත පදනම්ව
