
අවසන් මහ තරගයෙන් ශ්රී ලංකාවට ලකුණු 72 ක පරාජයක්
කාන්තා ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ශ්රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 72 ක ජයක් වාර්තා කළ ඉන්දීය ක්රීඩිකාවෝ 2026 තරගාවලියේ ශූරතාව තමන් සතු කර ගැනීමට අද (13 දා) රාත්රියේදී සමත්වූහ. ඩුබායි ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 5කට ලකුණු 183ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය ශ්රී ලංකා කණ්ඩායමට ඕවර 20 අවසානයේදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 111ක් පමණි.
පුවත














