ලකුණු වෙත යන්න
sinhabet

ක්‍රිකට් පුවත්

ඉංග්‍රීසි සහ සිංහල ක්‍රිකට් පුවත්, නවතම පළමුව.

භාෂාවසියලු භාෂා

අවසන් මහ තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 72 ක පරාජයක්

කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 72 ක ජයක් වාර්තා කළ ඉන්දීය ක්‍රීඩිකාවෝ 2026 තරගාවලියේ ශූරතාව තමන් සතු කර ගැනීමට අද (13 දා) රාත්‍රියේදී සමත්වූහ. ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 5කට ලකුණු 183ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 20 අවසානයේදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 111ක් පමණි.

පුවත

ඉන්දියාව වාර්තාව තවදුරටත් දිගු කරමින් 8 වැනි කාන්තා ආසියානු කුසලාන ශූරතාව දිනා ගනියි

තුන් ඉරියව්වෙන්ම ප්‍රබල දස්කම් දැක්වූ ඉන්දියාව ශ්‍රී ලංකාව පරාජය කර, අපරාජිත තරගාවලියක් සම්පූර්ණ කරමින් වාර්තාව තවදුරටත් දිගු කළ 8 වැනි කාන්තා ආසියානු කුසලාන ශූරතාව දිනා ගත්තේය.

පුවත

ශ්‍රී ලංකාව – ඉන්දියාව එක් වෙන අපරාජිත කණ්ඩායම් ද්විත්වයක ආසියානු හටන

සලාන කාන්තා ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ වැඩිම වාර ගණනක් ශූරියන් වූ අභිමානයත් සමඟිනුයි.

පුවත

ආසියානු කුසලාන අවසන් මහා තරගයට පෙර වගකීම භාරගෙන දස්කම් දක්වන්නැයි හර්මන්ප්‍රීත් කණ්ඩායමෙන් ඉල්ලයි

ඉරිදා ඩුබායිහිදී පැවැත්වෙන කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාවට මුහුණ දෙන විට වගකීම භාරගෙන තම හැකියාව පෙන්වන්නැයි හර්මන්ප්‍රීත් කෞර් සිය කණ්ඩායමෙන් ඉල්ලා තිබේ.

පුවත

ආසියානු කුසලාන ශූරතාව වෙනුවෙන් ඉන්දියාව හා ශ්‍රී ලංකාව ගැටෙන විට දඟ පන්දුවට එරෙහිව දඟ පන්දුව

දඟ පන්දු යැවීම සැලකූ විට කණ්ඩායම් දෙක අතර වෙනසක් නැති තරම් වුවද, සමස්තයක් ලෙස වඩා හොඳ පිල ඉන්දියාව වන අතර, අවසන් මහා තරගයට පෙරමුණේ සිටිමින් ඔවුහු පිවිසෙති.

පුවත

වත්මන් ශූර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ආසියානු කිරුළ රැකගැනීමට ප්‍රබල ඉන්දීය අභියෝගයක්

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව වෙනුවෙන් වත්මන් ශූර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව හෙට (13 දා) මුහුණට මුහුණ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හමුවෙන ඇත. මන්දගාමී තණතීරුවක් ලෙසින් සැලකෙන මෙම අවසන් සටනේ ශූරතාව දඟ පන්දු යවන්නන්ගේ දස්කම් මත බොහෝ දුරට තීරණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පුවත

2026 ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිත නම් කෙරේ

සැප්තැම්බර් 19 වැනිදා සිට ඔක්තෝබර් 4 වැනිදා දක්වා ජපානයේ පැවැත්වෙන 2026 ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා ක්‍රිකට් සංචිත නම් කර තිබේ.

පුවත

නේපාලය 2027 පිරිමි ආසියානු කුසලානයට සුදුසුකම් ලබයි

ආසියානු ක්‍රිකට් පිටියේ ඉදිරි ගමන තවදුරටත් සනිටුහන් කරමින් නේපාලය ලබන වසරේ ආසියානු කුසලානයේ ස්ථානයක් තහවුරු කරගත්තේය. එහිදී ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ පාකිස්තානය වැනි පූර්ණ සාමාජික රටවලට එරෙහිව තරග වැදීමට ඔවුන්ට අවස්ථාව හිමි විය හැකිය.

පුවත

Moors SC ක්‍රීඩකයෝ Major Club එක්දින ශූරතාව බ්‍රේබෲක් පෙදෙසට රැගෙන යයි

රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී කොළඹ 7, SSC කණ්ඩායමට එරෙහි ව ලකුණු 25ක ජයග්‍රහණයක් ලබා ගත් Moors SC ක්‍රීඩකයෝ එම කුසලානය ප්‍රථම වතාවට බ්‍රේබෲක් පෙදෙසට රැගෙන ගියා.

පුවත

පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පරාජයක්

එංගලන්තයේ තරග සංචාරයකට එක් ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ 1 වැනි පුහුණු විස්සයි විස්ස තරගයෙන් එංගලන්ත Lions  කණ්ඩායම හමුවේ කඩුලු 9ක පරාජයකට ලක් වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිදු වුණා.

පුවත

Tier B එක්දින ශූරතාව Army SC කණ්ඩායමට

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ 2026, Tier B සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී Galle CC කණ්ඩායමට එරෙහි ව ලකුණු 23ක ජයග්‍රහණයක් ලබා ගත් Army SC ක්‍රීඩකයෝ එහි ශූරතාව දිනා ගත්තා.

පුවත

තෝමසුවන් පරාජය කළ රාජකීයයන් 17න් පහළ ශූරයන් වෙයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද අනුග්‍රහය ඇතිව සංවිධානය කරන ලද අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය පරාජය කරමින් 2026 වසරේ ශූරයන් බවට පත් වීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් වුණා.

පුවත

එක්දින ශූරතාව මුවර්ස් ක්‍රීඩා සමාජය දිනා ගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් සමාජ ප්‍රධානතම සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී එස්.එස්.සී. කණ්ඩායම ලකුණු 25කින් පරාජය කරමින් මුවර්ස් ක්‍රීඩා සමාජය ශූරතාව දිනා ගැනීමට සමත් විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (11) පැවැති දිවා-රාත්‍රී තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 261ක ඉලක්කයක් හඹා ගිය එස්.එස්.සී. කණ්ඩායමට ඕවර 49.5කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 235ක් පමණි. ඒ අනුව මුවර්ස් කණ්ඩායමට ජයග්‍රාහී කුසලාන සමඟ මුදලින් ලක්ෂ 30 ක්ද අනුශූරතාවයට පත් එස්.එස්.සී. කණ්ඩායමට මුදලින් ලක්ෂ 25 ක්ද පිරිනැමිණ.

පුවත

ශ්‍රී ලංකාව තෙවැනි වරටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී

2026 ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වුණා. ආසන්නත ම වසරේ ශූරියන් ලෙසින් මෙවර තරගාවලියට එක් වූ ඔවුන් පාකිස්තානය හා සමඟ (11දා) පැවැති තරගයේ දී කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගනිමිනුයි මෙම තරගය හා එක් වීමට සුදුසුකම් ලබා ගන්නේ.

පුවත

ගාල්ල පිලේ සටන්කාමී පිතිහරඹය අභිබවා යුද හමුදාව ‘ටියර් බී‘ එක්දින කිරුළ දිනාගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් සමාජ ටියර් බී සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය අද(11) පස්වරුවේදී සමත්විය. කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී ගාල්ල ක්‍රිකට් සමාජය ලකුණු 23කින් පරාජය කරමින් යුද හමුදා කණ්ඩායම මෙම ශූරතාව තමන් සතු කරගත්තේය.ඒ සමඟම යුද හමුදා කණ්ඩායමට එම ශූරතා කුසලාන සමග මුදලින් ලක්ෂ 10 ක්ද පිරිනැමුණු අතර අනුශූරතාව හිමි ගාලු කණ්ඩායමට ලක්ෂ හතහමාරක් පිරිනැමිණ.

පුවත

පාකිස්තානය පරදා පිට පිටම දෙවැනි වතාවටත් ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවසන් සටනට

පාකිස්තානු නායිකා ෆාතිමා සනාගේ අතිවිශිෂ්ට තුන් ඉරියව් දස්කම් හමුවේ දැඩි අභියෝගයකට මුහුණ දුන්නද, අවසන් මොහොත දක්වා සටන් කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානය කඩුලු 5කින් පරාජය කරමින් අඛණ්ඩව දෙවැනි වරටත් ආසියානු කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට අද (11 දා) රාත්‍රියේදී සමත්විය. ඒ අනුව ඉරිදා පැවැත්වෙන අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකාවට ප්‍රබල ඉන්දියානු කණ්ඩායම මුණගැසීමට නියමිතය.

පුවත

ෆාතිමා සනාගේ අභියෝගය මැඩපවත්වන ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවසන් මහා තරගයට

මුල් පෙළ බිඳවැටීමෙන් ගොඩ ආ ශ්‍රී ලංකාව ඉරිදා ඉන්දියාවට එරෙහි අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

පුවත