ලකුණු වෙත යන්න
sinhabet

ක්‍රිකට් පුවත්

ඉංග්‍රීසි සහ සිංහල ක්‍රිකට් පුවත්, නවතම පළමුව.

භාෂාවසිංහල

Major Club සිව් දින තරගාවලියට දින වෙන් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club සිව් දින ක්‍රිකට් තරගාවලිය එළැඹෙන නොවැම්බර් මාසයේ සිට එළැඹෙන වසරේ පෙබරවාරි මාසය දක්වා පැවැත්වෙන බැව් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශයට පත් කර තිබේ.

පුවත

ගාල්ල මහින්ද විද්‍යාලය අවසන් පූර්ව වටයට

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරන අන්තර් පාසල් පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (19) නිමා වූ ගාල්ල මහින්ද විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේ දී මහින්ද විද්‍යාලය කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගත් අතර ඒ අනුව ඔවුන් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

පුවත

සඳරු සහ මෙතුක ගේ දක්ෂතා අපතේ යයි

ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (19) නිමා වූ දෙරට අතර පැවැති 3 වැනි තරගයේ දී කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට පාකිස්තාන ක්‍රීඩකයෝ සමත් වෙනවා.

පුවත

පාකිස්තාන යොවුන් පිල තරගාවලියේ පෙරමුණ ගනියි

ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කළ සත්කාරක පාකිස්තාන යොවුන් ක්‍රීඩකයෝ තරග පහකින් සමන්විත තරගාවලියේ තරග 2-1ක් ලෙස පෙරමුණ ගැනීමට අද (19 දා) සමත් වූහ. මුල්තාන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී පාකිස්තාන ජයග්‍රහණය තහවුරු කළ අසාන් අහමඩ් නොදැවී ලකුණු 63ක් රැස් කළේය.

පුවත

ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රීඩා සමාජ තරගාවලිය මෙවර සිව්දින තරගාවලියක් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම ක්‍රීඩා සමාජ සිවුදින ක්‍රිකට් තරගාවලිය 2026/27 තරග වාරයේදී පළමු වරට සිවුදින තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිතය. ඒ අනුව, නොවැම්බර් 19 වැනිදා සිට 2027 ජනවාරි 20 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා මෙරට ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා සමාජ 14ක් එක්වීමට නියමිතව තිබේ.

පුවත

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 15 ක් ඇතුළත බිඳ වැටෙයි

ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය එක්වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට සත්කාරක පාකිස්තාන කණ්ඩායම අද (18) රාත්‍රියේදී සමත් විය. රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 37කින් පරාජය කළ පාකිස්තානය, සිය ජයග්‍රහණය වෙනුවෙන් සල්මන් අගාගේ විශිෂ්ට ශතකයත්, අවසන් භාගයේදී ක්‍රියාත්මක වූ පන්දු යවන්නන්ගේ දක්ෂතාවත් කැපී පෙනිණ.

පුවත

තුන්කොන් සටන හෙට ඇරඹෙයි

ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය. කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමට, ජාත්‍යන්තර එක්දින පිටියේ ප්‍රබල ප්‍රතිවාදීන් දෙදෙනකු හමුවේ තම උපරිමයෙන්ම ක්‍රීඩා කිරීමට සිදුවනු ඇත.

පුවත

පාකිස්තානු යෞවනයෝ එකට එක කරති

පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන යොවුන් ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ අනුව තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජය ගනිමින් සම තත්ත්වයට පත්විය.

පුවත

පාකිස්තාන 17න් පහළ ක්‍රීඩකයෝ එකට එක කරයි

ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (17) නිමා වූ දෙරට අතර පැවැති 2 වැනි තරගයේ දී ලකුණු 151ක ජයග්‍රහණයක් ලබා ගැනීමට පාකිස්තාන ක්‍රීඩකයෝ සමත් වෙනවා.

පුවත

තුන්කොන් තරගාවලියේ දී හමුවෙන ප්‍රතිවාදීන්

ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය මේ මස 18 වැනිදා සිට 31 වැනිදා දක්වා Rawalpindi සහ Lahore හි දී ක්‍රියාත්මක වීමට නියමිතයි.

පුවත

ශ්‍රී ලංකා යෞවනියෝ තුන්කොන් ශූරතාව දිනා ගනී

පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැති වයස අවුරුදු 19න් පහළ කාන්තා යොවුන් තුන්කොන් තරගාවලියේ ශූරියන් බවට පත් වීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (16) සමත් වුණා.

පුවත

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති

පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ ශූරතාව දිනා ගැනීමට අද (16 දා) පස්වරුවේදී සමත් වූහ.

පුවත

අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්

පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග වදිති. තරගාවලියේ මෙතෙක් අපරාජිතව ඉදිරියට පැමිණ සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට හෙට ජයග්‍රහණය හිමි කර ගනිමින් ශූරතාව දිනා ගැනීමේ ප්‍රබල අවස්ථාවක් උදා වී තිබේ.

පුවත

ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්

පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් විය. මුල් පෙළ පිතිකරුවන්ගේ දායකත්වයෙන් ලකුණු 239ක ඉලක්කයක් ලබාදුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ, අනතුරුව පාකිස්තාන ඉනිම ලකුණු 140කට සීමා කළහ.

පුවත

මෙතුක සහ සඳරු ගේ දක්ෂතා 17න් පහළ කණ්ඩායමට ජය ගෙනෙයි

ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින තරගයෙන් ලකුණු 99ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වුණා.

පුවත

පැතුම් නිශ්ශංකට එක්දින තරගාවලිය අහිමි වෙයි – ලහිරු උදාරට අවස්ථාවක්

පාකිස්තානය, එංගලන්තය සහ ශ්‍රී ලංකාව සහභාගි වන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතයට පැතුම් නිශ්ශංක එක් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

පුවත

දුල්සත් සහ ටෙනුෂ දවස වර්ණවත් කරයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරන අන්තර් පාසල් පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරගවල දී දුල්සත් නිම්විරු සහ ටෙනුෂ නිම්සර කැපී පෙණෙන පන්දු යවන්නන් බවට පත් වුණා.

පුවත

ශ්‍රී ලංකා යෞවනියෝ 5 වැනි ජයත් ලබයි

පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා යොවුන් තුන්කොන් තරගාවලියේ නිමා වූ 9 වැනි තරගයේදී බංග්ලාදේශයට එරෙහි ව කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩිකාවෝ සමත් වුණා.

පුවත