Major Club සිව් දින තරගාවලියට දින වෙන් කරයි
ThePapareපුවත

ශ්රී ලංකා ක්රිකට් සංවිධානය කරන Major Club සිව් දින ක්රිකට් තරගාවලිය එළැඹෙන නොවැම්බර් මාසයේ සිට එළැඹෙන වසරේ පෙබරවාරි මාසය දක්වා පැවැත්වෙන බැව් ශ්රී ලංකා ක්රිකට් ප්රකාශයට පත් කර තිබේ.
මෙම තරගාවලිය කාණ්ඩ ද්විත්වයක් යටතේ ප්රථම වතාවට සිව් දින තරගාවලියක් ලෙසින් පැවැත්විමට නියමිතයි.
නිමා වූ වසරේ දී තුන්දින තරගාවලියක් සේ පැවැති මෙම තරගාවලියේ ශූරයන් වූ Colts CC කණ්ඩායම මෙවර තරගාවලියේ දී A කාණ්ඩයෙන් ද සහ අනුශූරයන් බවට පත් ACE Capital CC කණ්ඩායම B කාණ්ඩයෙන් ද මෙවර තරගාවලියට එක් වීමට නියමිතයි.
Group A
Colts CC, NCC, Police SC, BRC, Kurunegala YCC, Baduraliya CC, Nugegoda S & WC
Group B
ACE Capital CC, Moors SC, CCC, Bloomfield C & AC, Panadura SC, Tamil Union C & AC, SSC
තරගාවලියේ පළමු වටයේ තරග එළැඹෙන වසරේ ජනවාරි 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ අනුව නිමා වන එම වටයේ තරගවලදී එක් එක් කාණ්ඩයේ පළමු ස්ථාන 4ට පත් වෙන කණ්ඩායම් සුපිරි 8 තරගාවලිය සඳහා ද ඉතිරි කණ්ඩායම් Plate තරගාවලිය සඳහා ද එක් කර ගනිමින් තරගාවලිය තව දුරටත් පැවැත්විමට නියමිතයි.
ඒ අනුව සුපිරි 8 තරගාවලියේ තරග එළැඹෙන වසරේ ජනවාරි මස 30 වැනිදා සිට මාර්තු මස 14 වැනිදා දක්වා ද සහ Plate තරගාවලියේ තරග ජනවාරි මස පෙබරවාරි මස 28 වැනිදා දක්වා ද පැවැත්විමට යෝජිතයි.
තරගාවලියේ පළමු වටයේ කාලසටහන
- Date · Host · Opponent · Venue
- 2026 නොවැම්බර් 19 සිට 22 දක්වා · Nugegoda S & WC · NCC · සූරියවැවැ, MRICS
- Police SC · Baduraliya CC · ගාල්ල ICS
- Kurunegala YCC · BRC · කොළඹ RPICS
- Moors SC · SSC · කොළඹ NCC
- CCC · Tamil Union C & AC · පල්ලෙකැලේ ICS
- Bloomfield C & AC · Panadura SC · රංගිරි දඹුල්ල ICS
- 2026 දෙසැම්බර්, 3 සිට 6, දක්වා · Colts CC · Nugegoda S & WC · කොළඹ CCC
- Kurunegala YCC · NCC · කොළඹ P.Sara Oval
- BRC · Police SC · කොළඹ Colts
- SSC · ACE Capital CC · කුරුණෑගල වෙළගෙදර
- Moors SC · Panadura SC · මග්ගොන Surrey
- Bloomfield C & AC · CCC · සූරියවැව MRICS
- 2026 දෙසැම්බර්, 17 සිට 20 දක්වා · Baduraliya CC · Colts CC · පල්ලෙකැලේ ICS
- Nugegoda S & WC · Kurunegala YCC · කොළඹ NCC
- NCC · Police SC · කොළඹ RPICS
- ACE Capital CC · Tamil Union C & AC · කොළඹ SSC
- SSC · Panadura SC · සූරියවැව MRICS
- CCC · Moors SC · ගාල්ල ICS
- 2026 දෙසැම්බර්, 27 සිට 30 දක්වා · Colts CC · Kurunegala YCC · කොළඹ SSC
- BRC · Baduraliya CC · කොළඹ CCC
- Police SC · Nugegoda S & WC · කුරුණෑගල වෙළගෙදර
- Panadura SC · ACE Capital CC · කොළඹ Colts
- Tamil Union C & AC · Bloomfield C & AC · මග්ගොන Surrey
- CCC · SSC · කොළඹ P. Sara Oval
- 2027, ජනවාරි, 3 සිට 6, දක්වා · BRC · Colts CC · සූරියවැව MRICS
- Kurunegala YCC · Police SC · පල්ලෙකැලේ ICS
- NCC · Baduraliya CC · ගාල්ල ICS
- ACE Capital CC · Bloomfield C & AC · කොළඹ RPICS
- Panadura SC · CCC · කොළඹ NCC
- Tamil Union C & AC · Moors SC · රංගිරි දඹුල්ල ICS
- 2027, ජනවාරි, 10 සිට 13 දක්වා · Police SC · Colts CC · කොළඹ P.Sara Oval
- NCC · BRC · කුරුණෑගල වෙළගෙදර
- Baduraliya CC · Nugegoda S & WC · කොළඹ Colts
- ACE Capital CC · CCC · මග්ගොන Surrey
- Bloomfield C & AC · Moors SC · කොළඹ SSC
- Tamil Union C & AC · SSC · කොළඹ CCC
- 2027, ජනවාරි, 17 සිට 20 දක්වා · Colts CC · NCC · කොළඹ RPICS
- Nugegoda S & WC · BRC · කොළඹ NCC
- Baduraliya CC · Kurunegala YCC · රංගිරි දඹුල්ල ICS
- Moors SC · ACE Capital CC · සූරියවැව MRICS
- SSC · Bloomfield C & AC · පල්ලෙකැලේ ICS
- Panadura SC · Tamil Union C & AC · ගාල්ල ICS
Major Club 04-Day League සිව් දින ක්රිකට් තරගාවලියේ සහ දෙස් විදෙස් ක්රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
ThePapare වාර්තාකරණය මත පදනම්ව
