ලකුණු වෙත යන්න
sinhabet
නවතම

ගාල්ල මහින්ද විද්‍යාලය අවසන් පූර්ව වටයට

ThePapareපුවත

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරන අන්තර් පාසල් පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (19) නිමා වූ ගාල්ල මහින්ද විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේ දී මහින්ද විද්‍යාලය කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගත් අතර ඒ අනුව ඔවුන් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

එම තරගයේ දී ගාල්ල මහින්ද විද්‍යාලයේ සෙහස් ආශිංස ප්‍රතිවාදීන්ට එරෙහි ව පන්දු 114කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 67ක් ලබා ගත්තා.

නිමා වූ තරගවල කෙටි ලකුණු පුවරු

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර තරගය දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී. (Tier A – අර්ධ අවසන් පූර්ව වටය)

කාසියේ වාසිය – මහින්ද විද්‍යාලය

  • සාන්ත සෙබස්තියන් විද්‍යාලය – සියලුම දෙනා දැවී 137 (45.0)චමත් වෙල්ලාලගේ 36, දෙනෙත් පෙරේරා 21, සදෙව් නෙත්මිණ 2/24, විශ්මිත සත්සර 2/21
  • මහින්ද විද්‍යාලය – කඩුලු 6ක් දැවී 138 (40.4) සෙහස් ආශිංස නොදැවී 67, කොශේන්ද්‍ර ප්‍රනාන්දු 3/24

ගාල්ල මහින්ද විද්‍යාලයට කඩුලු 4ක ජයක්.

මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ ඉසිපතන

  • විද්‍යාලය අතර තරගය මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී. (Tier B)

කාසියේ වාසිය – සාන්ත තෝමස් විද්‍යාලය

  • සාන්ත තෝමස් විද්‍යාලය – සියලුම දෙනාදැවී152 (38.4) අබ්දුල් රශීඩ් 25, ෆිරාස් අහමඩ් 51, චමිඳු ගිම්හාන් 20, නෙවන් චන්දුල 2/23, තිතිර සංසිර 4/18, තරුන් පෙරේරා 2/20
  • ඉසිපතනවිද්‍යාලය – සියලුම දෙනා දැවී 140(42.0) නවිඳු උමෙත් 30, මලීශ සඳරුවන් 30, පුනාල් පමුදිත 2/27, විහඟ සංකලන 3/15

මාතර සාන්ත තෝමස් විද්‍යාලයට ලකුණු 12ක ජයක්.

අන්තර් පාසල් පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

ThePapare වාර්තාකරණය මත පදනම්ව