
මෙන්ඩිස්ලා ශ්රී ලංකාව ජයග්රහණය කරා රැගෙන යති
කුසල් මෙන්ඩිස්ගේ නොබිඳුණු ලකුණු 87ත්, කමිඳු මෙන්ඩිස්ගේ නොදැවුණු ලකුණු 40ත් එක්වූ විශිෂ්ට පිතිහරඹයෙන් ශ්රී ලංකාව පාකිස්තානයට එරෙහිව අද (13 දා) පැවැති තෙවැනි විස්සයි-20 තරගයෙන් කඩුලු අටක පහසු ජයක් වාර්තා කළේය. තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 56කදී ලකුණු 98ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගූ මෙන්ඩිස් යුගලය, ලකුණු 169ක ඉලක්කය පන්දුවාර 17.1කදී සපුරා ගනිමින් ශ්රී ලංකාව ජයග්රහණය කරා රැගෙන ගියේය.
පුවත















