ලකුණු වෙත යන්න
sinhabet

ක්‍රිකට් පුවත්

ඉංග්‍රීසි සහ සිංහල ක්‍රිකට් පුවත්, නවතම පළමුව.

භාෂාවසිංහල

ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම ලෝකඩ පදක්කම් සටනට

ජපානයේ Aichi-Nagoya හි දී පැවැත්වෙන 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් පිරිමි ඉසව්වට ඉන්දීය කණ්ඩායම සමඟින් එක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ප්‍රතිවාදීන් ඉදිරියේ හිමි වූ ලකුණු 124ක පරාජයත් සමඟින් ඔවුන්ගේ රන් පදක්කම් සිහිනය ගිලිහෙනවා.

පුවත

ඉන්දියාව රන් සටනට යද්දී ශ්‍රී ලංකාව ලෝකඩ සටනට

ජපානයේ පැවැත්වෙන 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාව ලකුණු 124ක දැවැන්ත පරාජයකට මුහුණ දුන්නේය. ඒ අනුව ඉන්දියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් අතර, ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම වෙනුවෙන් බංග්ලාදේශය සමඟ ඔක්තෝබර් 3 වැනිදා තරග කිරීමට සිදුව තිබේ. ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාව වාර්තා කළ මෙම ජයග්‍රහණය ඔවුන්ගේ විස්සයි20 ජාත්‍යන්තර තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාවට එරෙහි විශාලතම ජයග්‍රහණය ලෙසද සටහන් විය.

පුවත

ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට රිදී පදක්කම

රන් පදක්කම වෙනුවෙන් කළ සටන අවසානයේ ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රිදී පදක්කමෙන් සෑහීමට පත්වීමට සිදුවිය. නිෂින්හිදී අද (22) පැවැති අවසන් මහා තරගයේදී ඉන්දියාව හමුවේ ලකුණු 147ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 217ක ඉලක්කයක් හඹා යාමේදී පන්දුවාර 15.5කදී රැස්කරගත හැකි වූයේ ලකුණු 69ක් පමණි.

පුවත

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මෙවරත් ආසියානු රන් පදක්කම් සටනට

ජපානයේ Aichi-Nagoya හි දී පැවැත්වෙන 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් කාන්තා ඉසව්වේ අවසන් මහා තරගය අද (22) Nisshin හී Korogi Athletic Park ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

පුවත

ඉන්දියාව නැවතත් ආසියානු ශූරියන් වෙයි

2026 ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහි ව ලකුණු 72ක ජයග්‍රහණයක් ලබා ගත් ඉන්දීය ක්‍රීඩිකාවෝ සිව් වැනි වතාවටත් ආසියානු ශූරියන් බවට පත් වුණා.

පුවත

අවසන් මහ තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 72 ක පරාජයක්

කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 72 ක ජයක් වාර්තා කළ ඉන්දීය ක්‍රීඩිකාවෝ 2026 තරගාවලියේ ශූරතාව තමන් සතු කර ගැනීමට අද (13 දා) රාත්‍රියේදී සමත්වූහ. ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 5කට ලකුණු 183ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 20 අවසානයේදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 111ක් පමණි.

පුවත

ශ්‍රී ලංකාව – ඉන්දියාව එක් වෙන අපරාජිත කණ්ඩායම් ද්විත්වයක ආසියානු හටන

සලාන කාන්තා ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ වැඩිම වාර ගණනක් ශූරියන් වූ අභිමානයත් සමඟිනුයි.

පුවත

වත්මන් ශූර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ආසියානු කිරුළ රැකගැනීමට ප්‍රබල ඉන්දීය අභියෝගයක්

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව වෙනුවෙන් වත්මන් ශූර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව හෙට (13 දා) මුහුණට මුහුණ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හමුවෙන ඇත. මන්දගාමී තණතීරුවක් ලෙසින් සැලකෙන මෙම අවසන් සටනේ ශූරතාව දඟ පන්දු යවන්නන්ගේ දස්කම් මත බොහෝ දුරට තීරණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පුවත

පාකිස්තානය පරදා පිට පිටම දෙවැනි වතාවටත් ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවසන් සටනට

පාකිස්තානු නායිකා ෆාතිමා සනාගේ අතිවිශිෂ්ට තුන් ඉරියව් දස්කම් හමුවේ දැඩි අභියෝගයකට මුහුණ දුන්නද, අවසන් මොහොත දක්වා සටන් කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානය කඩුලු 5කින් පරාජය කරමින් අඛණ්ඩව දෙවැනි වරටත් ආසියානු කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට අද (11 දා) රාත්‍රියේදී සමත්විය. ඒ අනුව ඉරිදා පැවැත්වෙන අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකාවට ප්‍රබල ඉන්දියානු කණ්ඩායම මුණගැසීමට නියමිතය.

පුවත

අගෝස්තු මාසයේ ICC ක්‍රීඩකයා සම්මානයට සෝනල්ගේ නමත්

ශ්‍රී ලංකා පිලේ මැද පෙළ පිතිකරු සෝනාල් දිනූෂ අගෝස්තු මාසයේ අයි.සී.සී. ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශිත ක්‍රීඩකයන් අතරට එක්ව සිටියි. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ඉන්දියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරග දෙකේදී පිත්තෙන් දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් සෝනාල් මෙම නිර්දේශිත නම් අතරට එක්ව සිටියි.

පුවත