සිම්බාබ්වේ පළමුව පිතිකරණයට; උකුල් ආබාධයක් හේතුවෙන් ලිටන් ත්රිකෝණ තරගාවලියෙන් ඉවතට
ESPNcricinfoපුවත

උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙහිදි හසන් මිරාස්ගේ සේවයද බංග්ලාදේශයට අහිමි වී ඇති අතර, සිම්බාබ්වේ පිල ටෆඩ්ස්වා ට්සිගාට මංගල තරගයට අවස්ථාව ලබා දුන්නේය
කාසියේ වාසිය: බංග්ලාදේශයට එරෙහිව සිම්බාබ්වේ පළමුව පන්දුවට පහර දීම තෝරා ගනී
අබුඩාබිහිදී ආරම්භ වූ ත්රිකෝණ තරගාවලියේ පළමු තරගයේදී බංග්ලාදේශයට එරෙහිව පළමුව පන්දුවට පහර දීම සිම්බාබ්වේ වැඩ බලන නායක සිකන්දර් රාසා තෝරා ගත්තේය. එහෙත් දකුණු උකුල් සන්ධියේ ආබාධයක් හේතුවෙන් ත්රිකෝණ තරගාවලියෙන් ඉවත් වූ නායක ලිටන් දාස්ගේ සේවය බංග්ලාදේශයට අහිමි විය. බංග්ලාදේශ නායකත්වය වැඩ බලන ලෙස ටවුහිඩ් හෘදොයි දැරීය.
පසුගිය දින තුන තිස්සේ උණ රෝගී තත්ත්වයෙන් පෙළෙන මෙහිදි හසන් මිරාස්ගේ සේවයද ඔවුනට අහිමි විය. එබැවින් රිෂාද් හොසේන් 8 වැනි ස්ථානයට උසස් කරමින් බංග්ලාදේශය තරමක් දිගු පහළ පෙළක් සමඟ තරගයට එළඹුණි. මාස 12කට පසු හසන් මහමුද් එක්දින පිලට නැවත එක් විය. අනෙක් අතට, පසුගිය මාසයේ ආසියානු ක්රීඩා උළෙලේ දුර්වල දස්කම් දෙකක් දැක්වූ නමුත් මුස්තාෆිසුර් රහුමාන් පිලේ රඳවා ගැනිණි.
කඩුලු රැකීමේ කටයුතු භාර ගන්නා ටෆඩ්ස්වා ට්සිගාට මංගල තරගයට අවස්ථාව ලබා දෙමින්, සිම්බාබ්වේ පිලද වේග පන්දු යවන්නන් තිදෙනෙකු සමඟ තරගයට එළඹුණි.
බංග්ලාදේශය: 1 ටන්සිඩ් හසන්, 2 සෞම්ය සර්කාර්, 3 සයිෆ් හසන්, 4 නජ්මුල් හොසේන් ශාන්තෝ, 5 ටවුහිඩ් හෘදොයි (නායක), 6 මොසද්දෙක් හොසේන්, 7 නුරුල් හසන් (කඩුලු රකින්නා), 8 රිෂාද් හොසේන්, 9 ෂොරිෆුල් ඉස්ලාම්, 10 ටස්කින් අහමඩ්, 11 මුස්තාෆිසුර් රහුමාන්
සිම්බාබ්වේ: 1 බ්රයන් බෙනට්, 2 බෙන් කරන්, 3 බ්රෙන්ඩන් ටේලර්, 4 ක්රේග් අර්වින්, 5 සිකන්දර් රාසා (නායක), 6 වෙස්ලි මධෙවෙරේ, 7 ටෆඩ්ස්වා ට්සිගා (කඩුලු රකින්නා) 8 බ්රැඩ් එවන්ස්, 9 වෙලින්ටන් මසකඩ්සා, 10 නිව්මන් නියම්හුරි, 11 බ්ලෙසිං මුසරබානි
ESPNcricinfo වාර්තාකරණය මත පදනම්ව
