BBL 2026-27 සමස්ත තරගාවලිය සඳහාම බෝල්ට් සිඩ්නි තන්ඩර් පිලට
ESPNcricinfoපුවත

බංග්ලාදේශ ලෙග් දඟ පන්දු යවන්නා රිෂාද් හොසේන් දෙවැනි වරටත් එක දිගට හොබාට් හරිකේන්ස් පිලට එක් වේ
එහෙත් විශේෂයෙන් තන්ඩර් පිල අවසන් වටයට පැමිණේ නම්, මෙය බෝල්ට්ට සුළු දින දර්ශන ගැටළුවකට හේතු වනු ඇත. BBL තරගාවලිය ජනවාරි 26 වැනිදා අවසන් වීමට නියමිත අතර SA20 තරගාවලිය දකුණු අප්රිකාවේ ජනවාරි 17 වැනිදා ආරම්භ වීමට නියමිතය. බෝල්ට් නැවතත් MICT පිල වෙනුවෙන් ක්රීඩා කිරීමට නියමිත අතර ඔවුන්ගේ SA20 තරගාවලිය ජනවාරි 20 වැනිදා ආරම්භ වේ. බෝල්ට්ට මෙම ගැටළුව මඟ හරවා ගත හැකි එකම ක්රමය වන්නේ තන්ඩර් පිල අවසන් වටයට සුදුසුකම් නොලබා ජනවාරි 17 වැනිදා බ්රිස්බේන්හිදී ලීග් අදියර අවසන් කිරීම සහ බෝල්ට් කාලය තුළ එහි පැමිණීම සඳහා දකුණු අප්රිකාව බලා ඉක්මනින් පිටත්ව යාමයි.
මේ දක්වා 2022-23 කන්නයේ මෙල්බර්න් ස්ටාර්ස් පිල සමඟ එක් BBL කන්නයක් පමණක් ක්රීඩා කර ඇති බෝල්ට්, තන්ඩර් පිලේ සිටින තවත් නවසීලන්ත වේග පන්දු යවන්නා වන ලොකී ෆර්ගියුසන් සමඟ එක් වේ.
“නැවතත් බිග් බෑෂ් තරගාවලියේ ක්රීඩා කිරීමටත්, තන්ඩර් පිලේ ලොකී සමඟ එක් වීමටත් මම හරිම සතුටින් සිටිනවා,” තන්ඩර් පිල නිකුත් කළ නිවේදනයක් හරහා බෝල්ට් පැවසීය. “ඔහු දායක වන ආකාරයම මමත් අනුගමනය කර, ඔහු වගේම සලකුණක් තබන්න බලාපොරොත්තු වෙනවා – පිලට පමණක් නොවෙයි, රසිකයන්ටත්.
“ක්රිකට් ක්රීඩාව මේ වසර ගණනාව තුළ මට බොහෝ දේ දීලා තියෙනවා, තවමත් මම ක්රීඩා පිටියට බැස දායක වෙන්න, කඩුලු දවා ගන්න, පවර්ප්ලේ තුළ ආක්රමණශීලී වෙන්න ආස කරන අවධියේ ඉන්නවා,” ඔහු පැවසීය.
පසුගිය ජූනි මාසයේදී තන්ඩර් පිල ඔවුන්ගේ ප්රධාන පුහුණුකරු ලෙස හිටපු එංගලන්ත තුන් ඉරියව් ක්රීඩක ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් පත් කර ගත්තේය. තන්ඩර් පිල 2023-24 සහ 2025-26 කන්නවල අවසන් ස්ථානයට පත් වීමෙන් අනතුරුව ට්රෙවර් බේලිස් වෙනුවට ෆ්ලින්ටොෆ් එම ධුරයට පැමිණියේය.
බෝල්ට් එකතු කර ගැනීම පිළිබඳව අදහස් දක්වමින් ෆ්ලින්ටොෆ් මෙසේ පැවසීය: “විශිෂ්ට පුද්ගලයෙකු, පිලට කැප වූ ක්රීඩකයෙකු සහ ලෝක මට්ටමේ දස්කම් දක්වන්නෙකු ලෙස ට්රෙන්ට්ට පුදුමාකාර කීර්තියක් තියෙනවා.
“වසර ගණනාවක් එකට ක්රිකට් ක්රීඩා කර ඇති නවසීලන්ත ක්රීඩකයන් දෙදෙනෙකු පිලේ සිටීම යම් හුරුපුරුදුකමක් ගෙන එනවා, දකුණතින් හා වමතින් පන්දු යවන යුගලයක් ලෙස ඔවුන් එකිනෙකාට හරිම හොඳට ගැළපෙනවා කියලා මම හිතනවා. මෑත කාලයේ අපට කරගන්න බැරි වුණ එක දෙයක් තමයි නව පන්දුවෙන් කඩුලු දවා ගැනීම, ඒ නිසා මේ දෙදෙනාට ඒක නිවැරදි කරගන්න පුළුවන් වේවි කියලා බලාපොරොත්තු වෙනවා.”
තන්ඩර් පිල සමඟ විශේෂ දෙයක් ඉටු කර ගැනීමට සහ ෆ්ලින්ටොෆ් සමඟ කටයුතු කිරීමට තමා බලාපොරොත්තුවෙන් සිටින බව බෝල්ට් පැවසීය.
“හැම ක්රිකට් ක්රීඩකයෙක්ම කුඩා කාලයේ ෆ්රෙඩී (ෆ්ලින්ටොෆ්) නමස්කාර කළා, මමත් ඒ අතර කෙනෙක්,” යැයි බෝල්ට් පැවසූ බව cricket.com.au වෙබ් අඩවිය සඳහන් කළේය. “ඔහුට අවශ්ය කණ්ඩායම එකට බැඳ තබා, හොඳ සංස්කෘතියක් නිර්මාණය කර, විශේෂ දෙයක් වෙනුවෙන් වැඩ කිරීම බව මට විශ්වාසයි.
“අපි උත්තරීතර ජයග්රහණය ලබා ගන්න උත්සාහ කරනවා, ඒක කුඩා පියවරවලින් සිදු වෙනවා, ඒත් මේ සමාජය සමඟ විශේෂ දෙයක් ඉටු කරගන්න ලැබේවි කියලා මම බලාපොරොත්තු වෙනවා.”
බෝල්ට් මෑතකදී ක්රීඩා කළේ ETPL තරගාවලියේ ප්රථම වාරයේය. එහි ශූරතාව දිනූ එඩින්බරෝ කාසල් රොකර්ස් පිලේ දෙවැනි වැඩිම කඩුලු ලාභියා වූ ඔහු 6.63ක ලකුණු ලබාදීමේ අනුපාතයක් සමඟ කඩුලු 16ක් දවා ගත්තේය. ග්ලාස්ගෝ කොස්මික් පිලට එරෙහිව ඔහුගේ දස්කම්හි උපරිමය වූ 5 for 24ක දස්කමක් දැක්වීම ද එයට ඇතුළත් විය.
තන්ඩර් පිල ඔවුන්ගේ BBL 2026-27 තරගාවලිය ආරම්භ කරන්නේ දෙසැම්බර් 16 වැනිදා කැන්බරාහිදී ඇඩිලේඩ් ස්ට්රයිකර්ස් පිලට එරෙහිව ක්රීඩා කිරීමෙන්ය.
රිෂාද් හොසේන් නැවතත් හරිකේන්ස් පිලට
බංග්ලාදේශ ලෙග් දඟ පන්දු යවන්නා රිෂාද් හොසේන් 2025-26 කන්නයේ ද හොබාට් හරිකේන්ස් පිල නියෝජනය කිරීමෙන් අනතුරුව දෙවැනි වරටත් එක දිගට එම පිල නියෝජනය කිරීමට සූදානම්ය. පසුගිය කන්නයේ හරිකේන්ස් පිල වෙනුවෙන් තරග 12කින් කඩුලු 15ක් දවා ගත් රිෂාද්, මෙවර පළමු තරග අට සඳහා සේවයට ලබා ගත හැකි වනු ඇත.
“පසුගිය කන්නයේ ඔහු අප වෙනුවෙන් විශිෂ්ට ලෙස ක්රීඩා කළා. පළමු වරට බිග් බෑෂ් තරගාවලියට පැමිණ, හැම තරගයක්ම ක්රීඩා කර, අපේ වැඩිම කඩුලු ලාභියා ලෙස අවසන් කිරීම ඔහුගේ දස්කම සහ ඔහු ඕස්ට්රේලියානු තත්ත්වයන්ට කෙතරම් ඉක්මනින් හැඩ ගැසුණාද යන්න පෙන්නුම් කළා,” යැයි හරිකේන්ස් පිලේ සාමාන්යාධිකාරිනී සැලියෑන් බීම්ස් පැවසුවාය.
24 හැවිරිදි රිෂාද් හරිකේන්ස් පිලේ තවත් ලෙග් දඟ පන්දු යවන්නෙකු වන ඇඩම් සම්පා සමඟ එක් වනු ඇත. එම පිල පසුගිය කන්නයේ චැලෙන්ජර් තරගයේදී සිඩ්නි සික්සර්ස් පිලට පරාජය විය. පසුගිය වසරේ හරිකේන්ස් පිල සමඟ ඔහුගේ පළමු දිනුම්කැමියෙන් පසුව රිෂාද් PSL 2026 තරගාවලියේ රාවල්පිණ්ඩි පිල වෙනුවෙන් ක්රීඩා කළේය. එහෙත් තරග හතරකදී පන්දුවාර 14ක් යවා ඔහුට හිමි වූයේ කඩුලු දෙකක් පමණි.
ESPNcricinfo වාර්තාකරණය මත පදනම්ව
