U19 T20 ත්රිකෝණ තරගාවලියේ තෙවැනි ජය ශ්රී ලංකාව වාර්තා කරයි
ThePapareපුවත

පාකිස්තානයේ පැවැත්වෙන කාන්තා U19 T20 ත්රිකෝණ තරගාවලියේ 2026 හයවැනි තරගයේ සත්කාරක පාකිස්තානය කඩුලු නවයකින් පරාජය කරමින් ශ්රී ලංකාව තම තෙවැනි ජය වාර්තා කළාය.
පළමුව පන්දුවට පහර දීමට ආරාධනා ලැබූ පාකිස්තානය තමන්ට ලැබුණු පන්දුවාර 20 තුළ 110/8ක් ලබා ගත් අතර, කෝමල් ඛාන් ලකුණු 54ක් ලබා සත්කාරක පිලේ වැඩිම ලකුණු ලාභිනිය වූවාය.
පිළිතුරු ඉනිමේදී ශ්රී ලංකාව පහසුවෙන් ඉලක්කය හඹා ගොස්, 16 වැනි පන්දුවාරයේදී 111/1ක් ලබා කඩුලු නවයක් ඉතිරිව තිබියදී සුපැහැදිලි ජයක් වාර්තා කළාය.
ආරම්භක පිතිකාරිනිය සංජනා කවීන්දි නැවතත් ලකුණු 61ක විශිෂ්ට ඉනිමක් ක්රීඩා කළ අතර, තෙවැනියට පිතිහැඬවූ විමෝක්ෂා බාලසූරිය නොදැවී ලකුණු 43ක් ලබා වටිනා දායකත්වයක් ලබා දෙමින් ශ්රී ලංකාවට ජය අත් කර දුන්නාය.
කෙටි ලකුණු සටහන
පාකිස්තානය – 110/8 (20) කෝමල් ඛාන් 54, චමෝදි හේරත් 1/10, දනෝද්යා සෙව්මිණි 1/14, නෙත්මි උපේක්ෂා 1/19
ශ්රී ලංකාව – 111/1 (15.2) සංජනා කවීන්දි 61, විමෝක්ෂා බාලසූරිය 43*
ප්රතිඵලය – ශ්රී ලංකාව කඩුලු 9කින් ජය ගත්තාය
ThePapare වාර්තාකරණය මත පදනම්ව
