ICC සම්බන්ධයෙන් එරාන් වික්රමරත්නගේ ප්රකාශය ශ්රී ලංකා ක්රිකට් පරිවර්තන කමිටුව පැහැදිලි කරයි
ThePapareපුවත

ශ්රී ලංකා ක්රිකට් පරිවර්තන කමිටුවේ ගෞරවනීය සභාපති එරාන් වික්රමරත්න විසින් මෑතක පැවති රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී කරන ලද ඇතැම් ප්රකාශ නිවැරදි සන්දර්භය තුළ තැබීමට එම කමිටුව කැමැත්තක් දක්වයි.
එම ප්රකාශ ICC ආයතනය කෙරෙහි හෝ ICC ආයතනය ශ්රී ලංකා ක්රිකට් ආයතනය සමඟ කටයුතු කළ ආකාරය කෙරෙහි කිසිදු අහිතකර අදහසක් දැක්වීම සඳහා කරන ලද ඒවා නොවන බවත්, එලෙස අර්ථ නිරූපණය කළ යුතු නොවන බවත් කමිටුව පැහැදිලි කරයි.
ක්රීඩා පාලක මණ්ඩලවල මැතිවරණ සම්බන්ධයෙන් ශ්රී ලංකාව තුළ පවතින නීතිමය හා පරිපාලනමය යාන්ත්රණ, අතුරු කමිටු පත් කිරීම පිළිබඳ ප්රතිපාදන සහ එවැනි යාන්ත්රණ ශ්රී ලංකාවේ පවතින නීතිමය හා පරිපාලනමය රාමුව තුළ ක්රියාත්මක වන ආකාරය පැහැදිලි කිරීමේ සන්දර්භය තුළ සභාපතිවරයාගේ එම නිරීක්ෂණ ඉදිරිපත් කරන ලදී.
එම නිරීක්ෂණ ICC ආයතනයේ ප්රතිපත්ති, මාර්ගෝපදේශ හෝ අවශ්යතාවලට විරුද්ධ වීමට, ඒවා ප්රශ්න කිරීමට හෝ ඒවායින් ඉවත් වීමට කිසිසේත් අදහස් කර නොතිබුණි. ශ්රී ලංකාවට අදාළව පවතින නීතිමය හා පරිපාලනමය යාන්ත්රණ සහ එම රාමුව තුළ ක්රියාත්මක වන පාලන ප්රතිසංස්කරණ ක්රියාවලිය සිදු කෙරෙන ආකාරය පැහැදිලි කිරීම පමණක් එහි අරමුණ විය.
එබැවින් සභාපතිවරයාගේ අදහස් පළ වූයේ පුළුල් පාලන ප්රතිසංස්කරණ ක්රියාවලිය සහ ශ්රී ලංකාවේ ක්රිකට් ක්රීඩාවේ අනාගත පරිපාලනය සම්බන්ධයෙන් මතු වන විවිධ සාධක පැහැදිලි කිරීමේ සන්දර්භය තුළය. ශ්රී ලංකා ක්රිකට් ආයතනය සම්බන්ධයෙන් ICC ආයතනයේ කාර්යභාරය, හැසිරීම හෝ ස්ථාවරය ප්රශ්න කිරීම එහි අරමුණ නොවීය.
ක්රියාත්මක වන පාලන ප්රතිසංස්කරණ සම්බන්ධ කරුණු පිළිබඳව ICC ආයතනය සමඟ ඵලදායී හා අඛණ්ඩ සම්බන්ධතාවක් පවත්වා ගැනීමට සහ ප්රතිසංස්කරණ ක්රියාවලිය පුරාවට ICC ආයතනය සමඟ අඛණ්ඩ උපදේශනයක් හා සංවාදයක් තහවුරු කිරීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය සහ පරිවර්තන කමිටුව කැපවී සිටී.
එබැවින් එම සම්මුඛ සාකච්ඡාවේදී කරන ලද ප්රකාශ ඒවායේ නිවැරදි සන්දර්භය තුළ තේරුම් ගත යුතු අතර, ICC ආයතනය, එහි කාර්යභාරය හෝ එය ශ්රී ලංකා ක්රිකට් ආයතනය සමඟ පවත්වන සම්බන්ධතාව කෙරෙහි අහිතකර ස්ථාවරයක් පෙන්වන ලෙස අර්ථ නිරූපණය කළ යුතු නැත.
ThePapare වාර්තාකරණය මත පදනම්ව
