SA20: සයිමන්ස්ගේ ස්ථානයට JSK පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ඩොනල්ඩ්
ESPNcricinfoපුවත

එරික් සයිමන්ස් සහ ටොමී සිම්සෙක් JSK පිලෙන් ඉවත් වේ
හිටපු දකුණු අප්රිකානු වේග පන්දු යවන්නා වන ඇලන් ඩොනල්ඩ් SA20 2027 සඳහා තම පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත් කළ බව ජොහැන්නස්බර්ග් සුපර් කිංග්ස් නිවේදනය කළේය. ස්ටීවන් ෆ්ලෙමින් සමඟ වෙන් වූ පසු එම පිලේ ප්රධාන පුහුණුකරු ලෙස උසස් කෙරුණු ඇල්බි මෝර්කල් සමඟ ඔහු කටයුතු කරනු ඇත.
එරික් සයිමන්ස්ගේ ස්ථානය ඩොනල්ඩ් හිමි කර ගන්නා අතර, සයිමන්ස් එංගලන්තයේ ස්ටීවන් ෆ්ලෙමින්ගේ සහාය කාර්ය මණ්ඩලයට එක් වේ. 2004 වසරේ ක්රීඩාවෙන් සමුගත් පසු ඩොනල්ඩ් විශාල පුහුණු අත්දැකීම් ප්රමාණයක් රැස් කර ගෙන ඇති අතර, ජාත්යන්තර මට්ටමේ දී දකුණු අප්රිකාව සහ බංග්ලාදේශය හැරුණු විට ශ්රී ලංකාව සහ නවසීලන්තය සමඟ ද, වෝර්වික්ෂයර්, කෙන්ට්, මවුන්ටනියර්ස්, පූනේ වොරියර්ස් ඉන්දියා සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් ඇතුළු තවත් පිල් සමඟ ද ඔහු කටයුතු කර තිබේ.
හිටපු කඩුලු රකින්නා හා පිතිකරු වන පියෙර් ද බ්රයින් JSK පිලේ නව පන්දු රැකීමේ පුහුණුකරු ලෙස එක් වන අතර, එමඟින් ඔහු නැවතත් මෝර්කල් සමඟ එක්වේ. මොවුන් දෙදෙනා මීට පෙර ටයිටන්ස් සහ නැමීබියාව සමඟ එක්ව කටයුතු කර ඇත.
මේ අතර, ටොමී සිම්සෙක්ගේ ස්ථානයට නව භෞතචිකිත්සකවරයා ලෙස එවන් ස්පීච්ලි පත් වේ.
මෑතකදී පැවති SA20 වෙන්දේසියේදී JSK පිල තම හිටපු නායක ෆාෆ් ඩු ප්ලෙසී නැවත R 2.7 million ට ලබා ගත් අතර, ජාත්යන්තර තොප්පියක් නොලද තුන් ඉරියව් ක්රීඩක ජේසන් රෝල්ස් සඳහා R 2.9 million ක් වැය කළේය.
SA20 තරගාවලියේ පස්වැනි වාරය 2027 ජනවාරි 17 වැනිදා ග්කෙබෙර්හා හිදී ආරම්භ වී, පෙබරවාරි 21 වැනිදා කේප්ටවුන් හි පැවැත්වෙන අවසන් මහා තරගයෙන් නිමාවට පත් වේ. ශාන්ත ජෝර්ජ් පාර්ක් හි පැවැත්වෙන වාරයේ ආරම්භක තරගය 2026 වාරයේ අවසන් මහා තරගයේ SEC සහ PC අතර ගැටුමේ නැවත සටනක් වනු ඇත.
ESPNcricinfo වාර්තාකරණය මත පදනම්ව
