නව ICC ක්රීඩා නියාමාවලිය යටතේ සියලු ආකෘතිවල සිදුවන ප්රධාන වෙනස්කම්
ThePapareපුවත

කාලය නාස්ති කිරීම වැළැක්වීමට නව ක්රියාමාර්ග, පන්දුවල ප්රමිතීන් සම්මත කිරීම සහ ක්ෂේත්ර රැකීමේ ඇතැම් අංශ පැහැදිලි කිරීම ඇතුළුව ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය (ICC) සිය ක්රීඩා නියාමාවලියට වෙනස්කම් මාලාවක් හඳුන්වා දුන්නේය.
ඔක්තෝබර් 1 වැනිදා හෝ ඉන් පසුව ආරම්භ වන සියලු ජාත්යන්තර තරගාවලි සඳහා මෙම වෙනස්කම් බලපැවැත්වෙන අතර, දැනට පවතින තරගාවලි පෙර නියාමාවලියට අනුව පැවැත්වේ.
සියලු ආකෘති සඳහා පිරිමි හා කාන්තා යන දෙඅංශයේම යාවත්කාලීන කළ ක්රීඩා නියාමාවලිය දැන් ICC වෙබ් අඩවියේ Rules and Regulations කොටසේ ඇති අතර, අද සිට බලපැවැත්වෙන MCC ක්රිකට් නීතිවල වෙනස්කම්ද ඊට ඇතුළත් වේ.
ICC පිරිමි ක්රිකට් කමිටුවේ සභාපති සෞරව් ගංගුලි මෙසේ පැවසීය. “ක්රිකට් පන්දු සම්බන්ධ විධිවිධාන, ක්ෂේත්ර රැකීමේ ඇතැම් අංශ පිළිබඳ වැඩි පැහැදිලිභාවයක් සහ ක්රීඩාවේ වේගය වැඩි කිරීම අරමුණු කරගත් ක්රියාමාර්ග ඇතුළුව ක්රීඩා නියාමාවලියට වැදගත් වෙනස්කම් කිහිපයක් සිදුව තිබෙනවා.
“ක්රීඩාවේ අවංකභාවය හා අඛණ්ඩතාව රැකගනිමින්, නූතන ක්රීඩාවේ අවශ්යතා ක්රීඩා නියාමාවලියෙන් දිගටම පිළිබිඹු වන බව සහතික කිරීම සඳහා මෙම වෙනස්කම් ඉතා සැලකිල්ලෙන් සලකා බලා තීරණය කළා.”
බලපැවැත්වෙන ප්රධාන වෙනස්කම් දෙස බැලීමක්:
සියලු ආකෘතිවලට අදාළ වෙනස්කම්
කාලය නාස්ති කරන පිතිකරුවන්ට දඬුවම්
මෙම ක්රීඩා නියාමය සංශෝධනය කර ඇත.
නියමිත කාලය තුළ පිතිකරු පන්දුවට මුහුණ දීමට සූදානම් නොවුවහොත්, පළමු වරදට අනතුරු ඇඟවීමක්ද, දෙවැනි වරදට අවසන් අනතුරු ඇඟවීමක්ද, තෙවැනි වරද සහ ඉන් පසු එක් එක් වරද සඳහා ක්ෂේත්ර රකින පිලට දඬුවම් ලකුණු 5ක්ද ලබා දෙනු ඇත.
නැවත නැවත වැරදි සිදු කරන අවස්ථාවලදී චර්යා ධර්ම සංග්රහයේ විධිවිධානද ක්රියාත්මක කළ හැකිය.
කාන්තා ක්රිකට් පන්දුවල ප්රමාණය හා බර සඳහා දැඩි සීමා
පිරිමි ක්රිකට් පන්දු සඳහා ප්රමාණයේ හා බරෙහි සීමිත අපගමනයක් පමණක් අනුමත කර ඇත.
කාන්තා හා කනිෂ්ඨ ක්රිකට් සඳහා, නිෂ්පාදකයෝ බොහෝ විට කාණ්ඩ දෙකටම එකම පන්දුවක් නිපදවා ඇත.
දැන් නව සීමා හඳුන්වා දී ඇති අතර, පිරිමි, කාන්තා හා කනිෂ්ඨ ක්රිකට් සඳහා වෙන් වෙන්ව ප්රමාණය හා බර පිළිබඳ ප්රමිතීන් තුනක් ස්ථාපිත කර තිබේ.
ඕවර්ත්රෝ
ඕවර්ත්රෝ එකක් යනු කුමක්ද යන්න පිළිබඳ අපැහැදිලිභාවය ඉවත් කර ඇත.
ලකුණු වැළැක්වීම හෝ දිවීමේදී දැවීමක් සිදු කිරීම සඳහා පන්දුව කඩුලු දෙසට යොමු කිරීමේ උත්සාහයක් ඕවර්ත්රෝ එකකි. පන්දුව නැවැත්වීමේ හෝ තවත් ක්ෂේත්ර රකින්නෙකුට ලබාදීමේ උත්සාහයක් වුවද, වැරදි ලෙස පන්දුව හැසිරවීමක් ඕවර්ත්රෝ එකක් ලෙස නොසැලකේ.
පන්දුව නිශ්චලව පැවතීම
පන්දුව අවසන් වශයෙන් නිශ්චලව පවතීද යන්න තීරණය කිරීමේදී දැන් විනිසුරුවරයාට වැඩි නිදහසක් ලැබෙන අතර, විශේෂයෙන් සමීප තරගයක අවසන් පන්දුවේදී මෙය අතිශය වැදගත් විය හැකිය. අවසන් වශයෙන් නිශ්චලව පැවතීමට පන්දුව පන්දු යවන්නාගේ හෝ කඩුලු රකින්නාගේ අතේ තිබිය යුතුම නැත.
පන්දුව පූර්ණ ලෙස පාලනය කිරීම
දිවීමේදී දැවීමක් හෝ කඩුලු බිඳ දැමීමක් සඳහා පන්දුව ක්ෂේත්ර රකින්නෙකු අල්ලාගෙන සිටි බවට සැලකීමට නම්, ඔහුට පන්දුව පිළිබඳ පූර්ණ පාලනයක් තිබිය යුතුය. පන්දුව කඩුලු බිඳ දමන අවස්ථාවේ එය අතින් ස්පර්ශ කිරීම පමණක් එය අල්ලාගෙන සිටීමක් ලෙස නොසැලකේ.
ටෙස්ට් ක්රිකට් සඳහා පමණක්
රෝස පැහැති පන්දු භාවිතය
පරීක්ෂණාත්මක පියවරක් ලෙස, දුර්වල ආලෝකය නිසා ක්රීඩා කාලය අහිමි වීම අවම කර ගැනීම සඳහා දෙපාර්ශ්වයේම එකඟතාව මත දිවා කාලයේ පැවැත්වෙන ටෙස්ට් තරගවලදී රෝස පැහැති පන්දු භාවිත කළ හැකිය.
රෝස පැහැති පන්දුවක් භාවිත කිරීම ටෙස්ට් තරගය ආරම්භ වීමට පෙර එකඟ විය යුතු අතර, එසේ එකඟ වූ පසු එය තරගය පුරාම අදාළ විය යුතුය.
තරගය ආරම්භ වූ පසු එම තීරණය වෙනස් කළ නොහැකිය. තරගය ඇරඹුණු පසු රතු පන්දුවෙන් රෝස පන්දුවට මාරු වීමටද ඉඩ නොදේ.
දිනයේ අවසන් කඩුල්ල ක්රීඩා කටයුතු නිමාව තීරණය කිරීම අනිවාර්ය නොවේ
කාලගුණය හා තත්ත්වයන් ක්රීඩා කිරීමට සුදුසු නම්, දිනයේ අවසන් පන්දුවාරය අවසන් වී නොමැති විට එහිදී කඩුල්ලක් වැටීමෙන් තවදුරටත් ස්වයංක්රීයව ක්රීඩා කටයුතු නිමා නොවේ.
ඉතිරි පන්දු පසුදින යැවිය යුතු බැවින් මෙයින් කාලය ඉතිරි නොවන නිසාත්, ක්ෂේත්ර රකින පිලට එය සාධාරණ ප්රතිඵලයක් ගෙන දෙන අතර තරගයේ උද්වේගයද රැකෙන නිසාත් මෙම වෙනස සිදු කර ඇත.
T20I හා එක්දින සඳහා පමණක් (අදාළ තැන්වලදී කාන්තා ක්රිකට් තුළ දැනටමත් ක්රියාත්මක කර ඇත)
ඉනිම් අතර විවේකය (T20I තරග)
T20I ක්රිකට්හිදී දැන් නියමිත මිනිත්තු 15ක විවේකයක් නීතිය වී ඇත. කාලය අහිමි වූ විට එය අවම වශයෙන් මිනිත්තු 10ක් දක්වා අඩු කළ හැකිය.
පැන් විවේකයේදී පුහුණුකරුවන් (එක්දින හා T20I තරග)
පැන් විවේක අවස්ථාවලදී ‘ප්රධාන පුහුණුකරුට හෝ ඔහු නම් කරන අයෙකුට’ ක්රීඩා පිටියට පිවිසීමට ඉඩ දෙන පරිදි එක්දින හා T20I ක්රීඩා නියාමාවලිය දැන් සමපාත කර ඇත.
වයිඩ් පන්දුව (එක්දින හා T20I තරග)
එක්දින හා T20I ආකෘතිවල මුලින් පරීක්ෂණාත්මකව ක්රියාත්මක කළ නව වයිඩ් පන්දු නීතිය දැන් ස්ථිර වශයෙන් එක්දින හා T20I ක්රීඩා නියාමාවලියට එක් කර තිබේ.
පන්දුවක් යැවීමට පෙර හෝ යවන අතරතුර පිතිකරු එහා මෙහා යන බව දුටු පන්දු යවන්නාට යම් සහනයක් ලබාදීමේ අරමුණින් මෙම නීතිය පරීක්ෂාවට ලක් කෙරිණි. මෙම වෙනස්කම්වලට අනුව, පන්දුව යවන මොහොතේ පිතිකරුගේ පාදවල පිහිටීම වයිඩ් එකක් තීරණය කිරීමේ ආශ්රිත ලක්ෂ්යය ලෙස භාවිත කෙරිණි; පසුව පිතිකරු ඔෆ් පැත්තට ගමන් කළත් එය එසේමය.
ThePapare වාර්තාකරණය මත පදනම්ව
