ඩොටින්ට සිම්බාබ්වේ සංචාරය අහිමි වෙයි, මැතිව්ස් එක්දින තරගවලට පමණක් එක්වෙයි
ESPNcricinfoපුවත

T20 ලෝක කුසලානයේදී තුවාල ලැබූ තුන් ඉරියව් ක්රීඩිකා චිනෙල් හෙන්රි නැවත සංචිතයට
පෞද්ගලික නිවාඩු ලබා දී ඇති බැවින් ඩියැන්ඩ්රා ඩොටින්ට බටහිර ඉන්දීය කොදෙව් පිලේ සිම්බාබ්වේ සංචාරය අහිමි වන අතර, නායිකා හේලි මැතිව්ස් එක්දින තරග තුනට පමණක් ක්රීඩා කර, පෞද්ගලික නිවාඩු ලබා ගනිමින් T20I තරග තුනට සහභාගී නොවන්නීය. එහෙත් ජූනි මාසයේ T20 ලෝක කුසලානයේදී තුවාල ලැබූ තුන් ඉරියව් ක්රීඩිකා චිනෙල් හෙන්රිගේ නැවත පැමිණීම බටහිර ඉන්දීය කොදෙව් පිලට ශක්තියක් වනු ඇත.
බටහිර ඉන්දීය කොදෙව් පිලේ අයර්ලන්ත සංචාරය හෙන්රිට අහිමි වුවද, ඇය The Hundred සහ WCPL තරගාවලිවලදී නැවත ක්රීඩා කළාය. දක්ෂතා අනුව සංචිතයෙන් ඉවත් කළ කියානා ජෝසප්ගේ ස්ථානයට ඇය එක් වේ.
සංචිතයේ ඩොටින්ගේ ස්ථානයට එක් වන්නේ T20I තරග දෙකක් ක්රීඩා කර ඇති, WCPL තරගාවලියට ද සහභාගී වූ 17 හැවිරිදි එබනි බ්රැත්වේට්ය.
සංචිතයේ සෙසු ක්රීඩිකාවන් ජූලි මාසයේ අයර්ලන්තයට එරෙහිව එක්දින තරග තුනකට ක්රීඩා කළ පිලේම ක්රීඩිකාවන්ය.
“අපි ඔවුන් සමඟ එතරම් ක්රීඩා කර නැහැ, ඒ වගේම ඔවුන්ගේ පිටියේ තත්ත්ව යටතේ අභියෝග කිහිපයක් තියෙනවා,” යැයි ප්රධාන පුහුණුකරු ෂේන් ඩයිට්ස් පැවසීය. “අපට තරුණ සංචිතයක් තියෙනවා, ඒ නිසා මේක ක්රීඩිකාවන් කිහිප දෙනෙකුට මේ මට්ටමේදී ඉදිරියට ඇවිත් අවස්ථාව ලබා ගන්න හොඳ අවස්ථාවක්.”
තරගාවලියට සැප්තැම්බර් 24, 27 සහ 30 වැනිදා හරාරේහිදී පැවැත්වෙන එක්දින තරග තුනක් සහ ඔක්තෝබර් 3, 5 සහ 7 වැනිදා හයිෆීල්ඩ්හිදී පැවැත්වෙන T20I තරග තුනක් ඇතුළත් වේ. T20I තරගාවලියේදී පිලට නායකත්වය දෙන්නේ කවුරුන්ද යන්න CWI සඳහන් කර නොමැත.
සිම්බාබ්වේ සංචාරය සඳහා බටහිර ඉන්දීය කොදෙව් කාන්තා සංචිතය
හේලි මැතිව්ස්* (නායිකා), ආලියා ඇලේන්, ෂෙමේන් කැම්බෙල්, ජාසාරා ක්ලැක්ස්ටන්, එබනි බ්රැත්වේට්, ඇෆි ෆ්ලෙචර්, ජැනිලියා ග්ලාස්ගෝ, රියලියානා ග්රිමන්ඩ්, ෂෝනිෂා හෙක්ටර්, සයිඩා ජේම්ස්, චිනෙල් හෙන්රි, මැන්ඩි මැන්ග්රු, අෂ්මිනි මුනිසාර්, කරිෂ්මා රම්හරක්, ස්ටෙෆනි ටේලර්
එක්දින තරග සඳහා පමණි.
ESPNcricinfo වාර්තාකරණය මත පදනම්ව
