පාකිස්තානයේ එක්දින ත්රිකෝණ තරගාවලියට අවිෂ්ක ෆර්නැන්ඩෝ සහ සහන් ආරච්චිගේ නැවත පිලට
ThePapareපුවත

ශ්රී ලංකාව, පාකිස්තානය සහ එංගලන්තය සහභාගී වන, පාකිස්තානයේ පැවැත්වෙන එක්දින ත්රිකෝණ තරගාවලිය සඳහා සාමාජිකයින් 16කගෙන් සමන්විත සංචිතයක් ජාතික ක්රිකට් තේරීම් කමිටුව නම් කළේය.
මෙම තරගාවලිය සඳහා ශ්රී ලංකා සංචිතයට ආරම්භක පිතිකරු අවිෂ්ක ෆර්නැන්ඩෝ සහ ඕෆ් දඟ පන්දු යවන තුන් ඉරියව් ක්රීඩක සහන් ආරච්චිගේ නැවත එක් වී ඇත.
එසේම, මැද පෙළ පිතිකරු චරිත් අසලංක සංචිතයෙන් ඉවත් කර ඇති අතර, තුන් ඉරියව් ක්රීඩක වනිඳු හසරංග තුවාලයක් හේතුවෙන් අවස්ථාව අහිමි කර ගෙන ඇත.
එක්දින ත්රිකෝණ තරගාවලිය ඔක්තෝබර් 18 සිට 31 දක්වා පාකිස්තානයේ පැවැත්වීමට නියමිත අතර, එහිදී ශ්රී ලංකාව පාකිස්තානය සහ එංගලන්තය යන දෙපිලටම මුහුණ දෙනු ඇත.
ශ්රී ලංකා එක්දින සංචිතය
- කුසල් මෙන්ඩිස් (නායක)
- පැතුම් නිශ්ශංක
- අවිෂ්ක ෆර්නැන්ඩෝ
- පවන් රත්නායක
- කමිල් මිශාර
- කාමිඳු මෙන්ඩිස්
- සහන් ආරච්චිගේ
- ජනිත් ලියනගේ
- දසුන් ශානක
- දුනිත් වෙල්ලාලගේ
- මහීෂ් තීක්ෂණ
- සචිඳු කොළඹගේ
- දුෂ්මන්ත චමීර
- එෂාන් මාලිංග
- අසිත ෆර්නැන්ඩෝ
- දිල්ශාන් මධුශංක
ThePapare වාර්තාකරණය මත පදනම්ව
