ආසියානු ක්රීඩා උළෙලින් ශ්රේණිගත කිරීම්වලට නව වෙනස්කම්
ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයපුවත
ආසියානු ක්රීඩා උළෙලේ පැවැත්වෙන කාන්තා ක්රිකට් තරගාවලියේදී ආසියානු ක්රීඩිකාවන් රැසක් විශිෂ්ට දස්කම් දක්වමින් ICC කාන්තා T20I ක්රීඩක ශ්රේණිගත කිරීම්වල සැලකිය යුතු ඉදිරි ගමනක් ලබා ඇත.
බංග්ලාදේශයට එරෙහිව පන්දු 49කින් නොදැවී ශතකයක් ලබා ගනිමින් සිය මංගල T20I ශතකය වාර්තා කළ සතියකට පසු, ශෆාලි වර්මා T20I පිතිකරණ ශ්රේණිගත කිරීම්වල ඉහළම සිව් දෙනා අතරට පැමිණ ඇත.
මේ අතර ෂවාල් සුල්ෆිකාර් ස්ථාන 16කින් ඉදිරියට පැමිණ ලකුණු 558ක සිය දිවියේ හොඳම ලකුණු සංඛ්යාව සමඟ 29 වැනි ස්ථානයට එමින් ඉහළම 30 දෙනා අතරට එක් වූවාය. සුල්ෆිකාර් ආසියානු ක්රීඩා උළෙලේ අවසන් පූර්ව අට දෙනාගේ හා අවසන් පූර්ව තරගවලදී ලකුණු 25ක් සහ 54ක් රැස් කර තිබුණි. එසේම පාකිස්තාන පිතිකාරිනිය අයේෂා සෆාර් ස්ථාන 31කින් ඉදිරියට පැමිණ ලකුණු 489ක සිය දිවියේ හොඳම ලකුණු සංඛ්යාව සමඟ 40 වැනි ස්ථානයට පැමිණියාය. අයේෂා ආසියානු ක්රීඩා උළෙලේදී ශ්රී ලංකාවට එරෙහිව ලකුණු 71ක් වාර්තා කර තිබුණි.
සෆාර් T20I තුන් ඉරියව් ශ්රේණිගත කිරීම්වලද ස්ථාන නවයකින් ඉදිරියට පැමිණ 30 වැනි ස්ථානයට පත් වූවාය.
T20I පන්දු යවන්නියන්ගේ ශ්රේණිගත කිරීම්වල ඉන්දීය ක්රීඩිකාවන් වන ශ්රී චරණි සහ දීප්ති ශර්මා තවමත් ඉහළම ස්ථාන දරන අතර, ඔවුන්ගේම සගියන් වන ක්රාන්ති ගෞඩ් (57 වැනි) සහ නන්දනී ශර්මා (72 වැනි) ද සැලකිය යුතු ඉදිරි ගමනක් ලැබූහ.
පසුගිය සතිය තුළ දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් මෙම ක්රීඩිකාවන් දෙදෙනාම පිළිවෙළින් ස්ථාන 15කින් හා 22කින් ඉදිරියට පැමිණෙමින් සිය දිවියේ හොඳම ලකුණු සංඛ්යා වාර්තා කළහ.
වෙනත් අතකින්, පාකිස්තාන නායිකා ෆාතිමා සනා ස්ථාන පහකින් ඉදිරියට පැමිණ 24 වැනි ස්ථානයට පත් වූ අතර, තායිලන්තයේ ඔන්නිචා කම්චොම්පු පාකිස්තානයට එරෙහිව කඩුලු තුනක් දවා ගනිමින් දැක්වූ දස්කම මත ස්ථාන හයකින් ඉදිරියට පැමිණ ඒකාබද්ධ 63 වැනි ස්ථානයට පත් වූවාය.
සිම්බාබ්වේට එරෙහිව දකුණු අප්රිකාව ලද 5-0 තරගාවලි ජයග්රහණයද ශ්රේණිගත කිරීම්වල වෙනස්කම් කිහිපයකට හේතු විය.
තරගාවලියේ වැඩිම ලකුණු රැස් කළ ඇනෙකා බොෂ් ස්ථාන අටකින් ඉදිරියට පැමිණ 46 වැනි ස්ථානයට එමින් ඉහළම 50 දෙනා අතරට එක් වූ අතර, තරුණ ක්රීඩිකා මියානේ ස්මිත් විශිෂ්ට තරගාවලියක් සමඟ සිය දිවියේ හොඳම ඒකාබද්ධ 53 වැනි ස්ථානයට පැමිණියාය.
සිම්බාබ්වේහි නයාෂා ග්වාන්සුරා ස්ථාන 28ක සැලකිය යුතු ඉදිරි ගමනක් ලබමින් 87 වැනි ස්ථානයට පැමිණ T20I පන්දු යැවීමේ ශ්රේණිගත කිරීම්වල ඉහළම 100 දෙනා අතරට එක් වූවාය. මේ අතර ඇනරි ඩර්ක්සන් (22 වැනි) පිතිකරණයෙන් හා පන්දු යැවීමෙන් දෙයාකාරයෙන්ම දස්කම් දක්වමින් T20I තුන් ඉරියව් ශ්රේණිගත කිරීම්වල ලකුණු 179ක සිය දිවියේ හොඳම ලකුණු සංඛ්යාව වාර්තා කළාය.
ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය වාර්තාකරණය මත පදනම්ව
