ලකුණු වෙත යන්න
sinhabet
නවතම

පැතුම් නිස්සංකට පාකිස්තාන ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට්පුවත

වම් පාදයේ කලවා පසුපස මාංශපේශියක ඇති වූ ආබාධයෙන් තවමත් සම්පූර්ණ සුවය ලබා නොසිටීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබේ.

නිස්සංක වෙනුවට ලහිරු උදාර ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත. ලහිරු උදාර මේ වන විටත් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ සාමාජිකයකු ලෙස පාකිස්තානයේ රැඳී සිටින බැවින්, ඔහුට ටෙස්ට් සංචිතය සමඟ එක්වීමේ අවස්ථාව හිමිව තිබේ.

නිස්සංකගේ ආබාධ තත්ත්වය හේතුවෙන් ඔහුට පාකිස්තානයට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලිය මෙන්ම දැන් පැවැත්වන තුන්කොන් එක්දින තරගාවලියටද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවිය.

දෙරට අතර ටෙස්ට් තරගාවලිය නොවැම්බර් 09 වැනිදා ආරම්භ වනඅතර දෙවැනි ටෙස්ට් තරගය නොවැම්බර් 17 වැනිදා පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තාකරණය මත පදනම්ව