ලකුණු වෙත යන්න
sinhabet
නවතම

පැතුම් නිශ්ශංකට එක්දින තරගාවලිය අහිමි වෙයි – ලහිරු උදාරට අවස්ථාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට්පුවත

පාකිස්තානය, එංගලන්තය සහ ශ්‍රී ලංකාව සහභාගි වන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතයට පැතුම් නිශ්ශංක එක් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

මෑතකදී නිමාවට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය අතරතුරදී වම් පාදයේ කලවයේ පසුපස මාංශ පේශියේ ආබාධයකට ලක්වූ පැතුම් නිශ්ශංකට යළිත් තරග සඳහා සහභාගි වීමට අවශ්‍ය වෛද්‍ය අනුමැතිය මෙතෙක් හිමිව නොමැති වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව පැතුම් නිශ්ශංක වෙනුවට ලහිරු උදාර ශ්‍රී ලංකා එක්දින සංචිතයට නම් කර ඇත. පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත මෙම තුන්කොන් තරගාවලියට සත්කාරක පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ එංගලන්තය සහභාගි වෙති.

ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තාකරණය මත පදනම්ව