ලකුණු වෙත යන්න
sinhabet

ක්‍රිකට් පුවත්

ඉංග්‍රීසි සහ සිංහල ක්‍රිකට් පුවත්, නවතම පළමුව.

භාෂාවසියලු භාෂා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC), මාධ්‍යවේදී Darshana Sanjeewa Balasuriya විසින් ලියා 2026 සැප්තැම්බර් 3 වැනිදා “ICC ශූරයන්ගේ කුසලානය ඉන්දියාවට ගෙන යාමෙන් ශ්‍රී ලංකාවට USD 20 Millionකට වැඩි මුදලක් අහිමි වෙයි” යන සිරස්තලය යටතේ පළ කරන ලද Daily Mirror වාර්තාව සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අපේක්ෂා කරයි.

තරගාවලිය ශ්‍රී ලංකාවේ නොපැවැත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට USD 20 Millionකට වැඩි මුදලක් අහිමි වන බවට කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් SLC විශේෂයෙන් පැහැදිලි කිරීමක් අපේක්ෂා කරයි.

පුවත

කඩුලු 5ක ජයක් සමඟ යුද හමුදාව ‘ටියර් බී‘ අවසන් මහ සටනට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය යටතේ කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගනයේදී අද (08 දා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. මෙම ජයග්‍රහණයත් සමඟ යුද හමුදා ක්‍රීඩා සමාජය අදාළ අවසන් මහ තරගයේදී ගාල්ල ක්‍රිකට් සමාජය සමඟ තරග වැදීමට නියමිතය. තරගාවලියේ අවසන් මහා තරගය සැප්තැම්බර් 11 වැනිදා බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

පුවත

යුතිකගේ සුපිරි ඉනිමෙන් ගෝල් ටියර් ‘බී‘ එක්දින අවසන් සටනට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවනු ලබන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී මොරටුව ක්‍රීඩා සමාජය කඩුලු 7කින් පරාජය කරමින් ගෝල් ක්‍රිකට් සමාජය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය. බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී අද (07 දා) පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීමට තීරණය කළ ගෝල් ක්‍රිකට් සමාජය, මොරටුව ක්‍රීඩා සමාජය ලකුණු 143කට සීමා කිරීමට සමත් විය.

පුවත

අත්හිටුවූ රෝහිත් යාදව් වෙනුවට ඉන්දීය වයස අවුරුදු 19න් පහළ සංචිතවලට ආර්යන් සව්සානි සහ තන්මේ බලෝදා

මේ වසරේ ජූලි මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරය කළ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ සිටි පා දඟ පන්දු යවන්නකු වන රෝහිත් යාදව්ට, වයස් විෂමතාවක් හේතුවෙන් පසුගිය සිකුරාදා වසර 2ක තහනමක් පැනවිණි

පුවත

සන්ධුගේ 6/7ක දස්කම පාකිස්තානයට අවසන් පූර්ව තරගයක්

කාන්තා T20I තරගවලදී කඩුලු හයක් දවා ගත් පළමු පාකිස්තාන පන්දු යවන්නිය බවට ඇය පත් වූ අතර, හොංකොං ලකුණු 72කින් පරදවමින් පාකිස්තානය ශ්‍රී ලංකාව සමඟ අවසන් පූර්ව තරගයකට සූදානම් විය.

පුවත

කෝල්ට්ස් පිල පරාජය කළ මුවර්ස් ක්‍රීඩා සමාජය මේජර් ලීග් අවසන් සටනට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම සිමිත පන්දුවාර ක්‍රිකට් 2026 තරගාවලියේ අවසන් මහ තරගයට තරගයට සුදුසුකම් ලබා ගැනීමට මුවර්ස් ක්‍රීඩා සමාජය අද (7) සමත් විය. කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී කොල්ට්ස් ක්‍රිකට් සමාජයට එරෙහිව ලකුණු 51 ක ජයක් වාර්තා කරමින් අදාළ අවසන් මහ සටනට සුදුසුකම් ලබා ගැනීමට කෝල්ට්ස් ක්‍රීඩා සමාජය සමත්විය.

පුවත

අවිශ්ක සහ නිපුන්ගේ ශතක SSC කණ්ඩායම Major Club 50 Over අවසන් තරගයට ගෙන යයි

අද පැවැති අවසන් පූර්ව තරගවලදී පිළිවෙළින් Colombo Cricket Club (CCC) සහ Colts Cricket Club පරාජය කළ Sinhalese Sports Club (SSC) සහ Moors Sports Club, SLC Major Club 50 Over Tournament 2026 තරගාවලියේ අවසන් තරගයේ ස්ථාන තහවුරු කරගත්හ.

පුවත

ලකුණක ජයකින් එස්.එස්.සී. පිල අවසන් මහ සටනට

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් 2026 තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී සී.සී.සී. කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණක තියුණු පරාජයකට ඇද දමමින් එස්.එස්.සී. කණ්ඩායම අදාළ තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට අද (07 දා) පස්වරුවේදී සමත්විය.

පුවත

අන්තර් පාසල් අවු. 13න් පහළ ක්‍රිකට් තරගාවලියට එක්වන පාසල් 900කට ක්‍රිකට් පන්දු

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සමඟ එක්ව, 2026 වසරේ වයස අවුරුදු 13න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනුු ලබන දිවයිනේ පාසල් 900 ක් සඳහා අවශ්‍ය ක්‍රිකට් පන්දු බෙදාදීමේ වැඩසටහන ආරම්භ කර තිබේ. ඒ අනුව, මෙම වැඩසටහන යටතේ පැවැති පළමු අදියරේදී වයස අවුරුදු 13න් පහළ පළමු කාණ්ඩය නියෝජනය කරන පාසල් 81ක් සහ දෙවැනි කාණ්ඩය නියෝජනය කරන පාසල් 84ක් සඳහා ක්‍රිකට් පන්දු ලබාදීම සිදුකෙරිණි.

පුවත

ශ්‍රී ලංකාව අපරාජිත ව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනී

2026 ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 3 වැනි සහ අවසන් තරගය ද ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  සමත් වෙනවා. ඒ අනුව ඔවුන් අපරාජිත කිරුළ ද රැක ගනිමින් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

පුවත

හර්ෂිතාගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාව අපරාජිතව අවසන් පූර්ව තරගයට

ලකුණු 44කට කඩුලු 5ක් බිඳ වැටී තරගය බංග්ලාදේශය දෙසට හැරෙමින් තිබියදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සටන භාරගත් හර්ෂිතා සමරවික්‍රම, පීඩනය මැද ඉනිම ගොඩනඟමින් 19 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවට එල්ල කළ දැවැන්ත හයේ පහරින් තරගයේ වාසිය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව දෙසට හරවා ගත්තාය. ඒ වන විට අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍යව තිබුණේ ලකුණු 2ක් පමණක් වූ අතර, අවසානයේ පන්දු 4ක් ඉතිරිව තිබියදීම බංග්ලාදේශය කඩුලු 4කින් පරාජය කළ ශ්‍රී ලංකාව කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ පළමු වටය අපරාජිතව අවසන් කරමින් අවසන් කණ්ඩායම් හතර අතර වන අර්ධ අවසන් තරග වටයට අද (06 දා) රාත්‍රියේදී සුදුසුකම් ලබා ගත්තේය.

පුවත

ප්‍රබෝධාගේ විශිෂ්ට පන්දු යැවීමෙන් බංග්ලාදේශය 114කට සීමා වෙයි

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (06) පැවැත්වෙන කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ තරගයේදී බංග්ලාදේශ කාන්තා කණ්ඩායම ලකුණු 114කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත් වූහ.

පුවත

Major Club තරගාවලිය බැබැලවූ කාන්තාවෝ

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරියන් බවට පත් වීමට Baduraliya SC කණ්ඩායම සමත් වූ අතර එහි අනුශූරියන් බවට පත් වූයේ Panadura SC කණ්ඩායමයි.

පුවත

ශ්‍රී ලංකාවට එරෙහි ව එන Nigar ගේ බංග්ලාදේශ බලඇණිය

2026 ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන 3 වැනි සහ අවසන් තරගය අද (6) බංග්ලාදේශය සමඟින් Dubai ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

පුවත

පළමු වටයේ අවසන් ශතකය තනුජ ගෙන්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරග අද (5) අවසන් වූ අතර පළමු වටයේ අවසන් ශතකය වාර්තා කිරීමට තනුජ රාජපක්ෂ සමත් වෙනවා.

පුවත

ශ්‍රී ලංකාවට එරෙහි මව්බිමේ තරගාවලි සඳහා එංගලන්ත සංචිත තහවුරු කෙරේ

ශ්‍රී ලංකාවට එරෙහිව මව්බිමේදී පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලි සඳහා එංගලන්තය සාමාජිකයන් 16 දෙනෙකුගෙන් යුත් සංචිත නම් කර තිබේ.

පුවත

කුසල් මෙන්ඩිස් සහ බිනුර ප්‍රනාන්දු එංගලන්ත T20I තරගාවලියෙන් ඉවතට

Lanka Premier League 2026 තරගාවලියේදී සිදුවූ ආබාධවලින් සුවය ලැබීමේ පුනරුත්ථාපන කටයුතු තවදුරටත් සිදුකරන බැවින් කුසල් මෙන්ඩිස් සහ බිනුර ප්‍රනාන්දු, ශ්‍රී ලංකාවේ ඉදිරි එංගලන්ත T20I තරගාවලියට සහභාගි නොවනු ඇත.

පුවත

පළමු වටයේ අවසන් දිනයට ශතක 5ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගවල දී ලසිත් කෲස්පුල්ලේ, කමිඳු මෙන්ඩිස්, සිනෙත් ජයවර්ධන, ජනිත් ලියනගේ සහ අවිශ්ක ප්‍රනාන්දු ශතක වාර්තා කරද්දී වනුජ සහන් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

පුවත