
යුතිකගේ සුපිරි ඉනිමෙන් ගෝල් ටියර් ‘බී‘ එක්දින අවසන් සටනට
ශ්රී ලංකා ක්රිකට් ආයතනය මෙහෙයවනු ලබන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර ක්රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී මොරටුව ක්රීඩා සමාජය කඩුලු 7කින් පරාජය කරමින් ගෝල් ක්රිකට් සමාජය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය. බ්ලූම්ෆීල්ඩ් ක්රීඩාංගණයේදී අද (07 දා) පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීමට තීරණය කළ ගෝල් ක්රිකට් සමාජය, මොරටුව ක්රීඩා සමාජය ලකුණු 143කට සීමා කිරීමට සමත් විය.
පුවත

















