ලකුණු වෙත යන්න
sinhabet

ක්‍රිකට් පුවත්

ඉංග්‍රීසි සහ සිංහල ක්‍රිකට් පුවත්, නවතම පළමුව.

භාෂාවසියලු භාෂා

Tier B එක්දින ශූරතාව Army SC කණ්ඩායමට

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ 2026, Tier B සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී Galle CC කණ්ඩායමට එරෙහි ව ලකුණු 23ක ජයග්‍රහණයක් ලබා ගත් Army SC ක්‍රීඩකයෝ එහි ශූරතාව දිනා ගත්තා.

පුවත

තෝමසුවන් පරාජය කළ රාජකීයයන් 17න් පහළ ශූරයන් වෙයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද අනුග්‍රහය ඇතිව සංවිධානය කරන ලද අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය පරාජය කරමින් 2026 වසරේ ශූරයන් බවට පත් වීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් වුණා.

පුවත

එක්දින ශූරතාව මුවර්ස් ක්‍රීඩා සමාජය දිනා ගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් සමාජ ප්‍රධානතම සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී එස්.එස්.සී. කණ්ඩායම ලකුණු 25කින් පරාජය කරමින් මුවර්ස් ක්‍රීඩා සමාජය ශූරතාව දිනා ගැනීමට සමත් විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (11) පැවැති දිවා-රාත්‍රී තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 261ක ඉලක්කයක් හඹා ගිය එස්.එස්.සී. කණ්ඩායමට ඕවර 49.5කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 235ක් පමණි. ඒ අනුව මුවර්ස් කණ්ඩායමට ජයග්‍රාහී කුසලාන සමඟ මුදලින් ලක්ෂ 30 ක්ද අනුශූරතාවයට පත් එස්.එස්.සී. කණ්ඩායමට මුදලින් ලක්ෂ 25 ක්ද පිරිනැමිණ.

පුවත

ශ්‍රී ලංකාව තෙවැනි වරටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී

2026 ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වුණා. ආසන්නත ම වසරේ ශූරියන් ලෙසින් මෙවර තරගාවලියට එක් වූ ඔවුන් පාකිස්තානය හා සමඟ (11දා) පැවැති තරගයේ දී කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගනිමිනුයි මෙම තරගය හා එක් වීමට සුදුසුකම් ලබා ගන්නේ.

පුවත

ගාල්ල පිලේ සටන්කාමී පිතිහරඹය අභිබවා යුද හමුදාව ‘ටියර් බී‘ එක්දින කිරුළ දිනාගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් සමාජ ටියර් බී සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය අද(11) පස්වරුවේදී සමත්විය. කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී ගාල්ල ක්‍රිකට් සමාජය ලකුණු 23කින් පරාජය කරමින් යුද හමුදා කණ්ඩායම මෙම ශූරතාව තමන් සතු කරගත්තේය.ඒ සමඟම යුද හමුදා කණ්ඩායමට එම ශූරතා කුසලාන සමග මුදලින් ලක්ෂ 10 ක්ද පිරිනැමුණු අතර අනුශූරතාව හිමි ගාලු කණ්ඩායමට ලක්ෂ හතහමාරක් පිරිනැමිණ.

පුවත

පාකිස්තානය පරදා පිට පිටම දෙවැනි වතාවටත් ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවසන් සටනට

පාකිස්තානු නායිකා ෆාතිමා සනාගේ අතිවිශිෂ්ට තුන් ඉරියව් දස්කම් හමුවේ දැඩි අභියෝගයකට මුහුණ දුන්නද, අවසන් මොහොත දක්වා සටන් කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානය කඩුලු 5කින් පරාජය කරමින් අඛණ්ඩව දෙවැනි වරටත් ආසියානු කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට අද (11 දා) රාත්‍රියේදී සමත්විය. ඒ අනුව ඉරිදා පැවැත්වෙන අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකාවට ප්‍රබල ඉන්දියානු කණ්ඩායම මුණගැසීමට නියමිතය.

පුවත

ෆාතිමා සනාගේ අභියෝගය මැඩපවත්වන ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවසන් මහා තරගයට

මුල් පෙළ බිඳවැටීමෙන් ගොඩ ආ ශ්‍රී ලංකාව ඉරිදා ඉන්දියාවට එරෙහි අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

පුවත

පීඩනය හමුවේ සංයමය රැකගත් ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවසන් මහා තරගයට

සිකුරාදා ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 2026 කාන්තා ආසියානු කුසලාන අවසන් පූර්ව තරගයේදී පාකිස්තානය සමඟ අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා වූ තියුණු සටනකින් ජයගත් ශ්‍රී ලංකාව, ඉන්දියාවට එරෙහි අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

පුවත

පාකිස්තානයට එරෙහිව පන්දු යැවීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පෙරේරා සහ අයෝධ්‍යා කැඳවෙති

ශ්‍රී ලංකාව පිතිකාරිනී විශ්මි ගුණරත්න සහ වේග පන්දු යවන චේතනා විමුක්ති කණ්ඩායමෙන් ඉවත් කර ඇත

පුවත

නිල් මහා සටන් සගයන්ගේ 17න් පහළ අවසන් මහා තරගය

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද අනුග්‍රහය ඇතිව සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (11) කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර බොරැල්ල P. Sara Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

පුවත

අවසන් තරගයට Pakistanද Sri Lankaද? ‘වැදගත් නැහැ,’ Deepti Sharma කියයි

Bangladeshට එරෙහි Women's T20 Asia Cup අවසන් පූර්ව තරගයේදී India යළිත් දුර්වල පන්දු රැකීමක නිරත වූ පසු, "මම හිතන්නේ මෙහෙම දවසක් දෙකක් එන්න පුළුවන්, ඒවා සිදු වෙනවා," යැයි Deepti Sharma පැවසුවාය

පුවත

අගෝස්තුවේ ICC ක්‍රීඩකයා සම්මානයට සොනාල් ගේ නමත්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් නම් කිරීමට යෝජිත අගෝස්තු මාසයේ ක්‍රීඩකයා අතරට ශ්‍රී ලංකාවේ මැද පෙළ වමත් පිතිකරු 25 වැනි වියේ පසුවෙන සොනාල් දිනූෂ ගේ නමත් එක් ව තිබෙනවා.

පුවත

Galle CC සහ Army SC අතර පැවැත්වෙන Tier B අවසන් තරගය

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Tier B සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ Galle CC සහ Army SC කණ්ඩායම් අතර පැවැත්වෙන අවසන් මහා තරගය (11දා) කොළඹ Bloomfield ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ.

පුවත

Moors SC සහ SSC වසර 19කට පසුව නැවතත් අවසන් මහා තරගයකට

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට (11) කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වීමට නියමිතයි.

පුවත

2026 අගෝස්තු මාසයේ ICC පිරිමි ක්‍රීඩකයා සම්මානයට සොනාල් දිනූෂ නිර්දේශ වෙයි

2026 අගෝස්තු මාසයේ ICC පිරිමි ක්‍රීඩකයා සම්මානය සඳහා තරග වදින කැපී පෙනෙන ක්‍රීඩකයන් තිදෙනා අතර ශ්‍රී ලංකාවේ යොවුන් පිතිකරු සොනාල් දිනූෂ ද සිටී.

පුවත

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය හෙට සිට…

එංගලන්තයේ තරග සංචාරයකට එක් ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග හෙට (11) ආරම්භ වීමට නියමිතයි. මෙම තරග සංචාරය සඳහා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 3ක් සහ එක්දින ජාත්‍යන්තර තරග 3ක් පැවැත්වෙන අතර ඊට අමතර ව පුහුණු විස්සයි විස්ස තරග ද්විත්වයක් ද ඇතුලත්.

පුවත

පිට පිට තෙවැනි වරටත් අවසන් පූර්ව වටයට එන පාකිස්තානු ක්‍රීඩිකාවෝ

2026 ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ 2 වැනි අවසන් පූර්ව තරගය හෙට (11) ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර Dubai ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

පුවත

ටියර් බී ශූරතාවට ගාලු – යුද හමුදා සටන හෙට

අන්තර් සමාජ ටියර් ‘බී’ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීම වෙනුවෙන් ගාල්ල ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම අතර අවසන් මහ තරගය හෙට (11) කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

පුවත