
ගාල්ල පිලේ සටන්කාමී පිතිහරඹය අභිබවා යුද හමුදාව ‘ටියර් බී‘ එක්දින කිරුළ දිනාගනී
ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් සමාජ ටියර් බී සීමිත පන්දුවාර ක්රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්රී ලංකා යුද හමුදා ක්රීඩා සමාජය අද(11) පස්වරුවේදී සමත්විය. කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී ගාල්ල ක්රිකට් සමාජය ලකුණු 23කින් පරාජය කරමින් යුද හමුදා කණ්ඩායම මෙම ශූරතාව තමන් සතු කරගත්තේය.ඒ සමඟම යුද හමුදා කණ්ඩායමට එම ශූරතා කුසලාන සමග මුදලින් ලක්ෂ 10 ක්ද පිරිනැමුණු අතර අනුශූරතාව හිමි ගාලු කණ්ඩායමට ලක්ෂ හතහමාරක් පිරිනැමිණ.
පුවත
















