
එක්දින ශූරතාව මුවර්ස් ක්රීඩා සමාජය දිනා ගනියි
ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් සමාජ ප්රධානතම සීමිත ඕවර ක්රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී එස්.එස්.සී. කණ්ඩායම ලකුණු 25කින් පරාජය කරමින් මුවර්ස් ක්රීඩා සමාජය ශූරතාව දිනා ගැනීමට සමත් විය. කොළඹ ආර්. ප්රේමදාස ක්රීඩාංගණයේදී ඊයේ (11) පැවැති දිවා-රාත්රී තරගයේදී ජයග්රහණය සඳහා ලකුණු 261ක ඉලක්කයක් හඹා ගිය එස්.එස්.සී. කණ්ඩායමට ඕවර 49.5කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 235ක් පමණි. ඒ අනුව මුවර්ස් කණ්ඩායමට ජයග්රාහී කුසලාන සමඟ මුදලින් ලක්ෂ 30 ක්ද අනුශූරතාවයට පත් එස්.එස්.සී. කණ්ඩායමට මුදලින් ලක්ෂ 25 ක්ද පිරිනැමිණ.
පුවත
















