හර්ෂිතාගේ පිතිහරඹයෙන් ශ්රී ලංකාව අපරාජිතව අවසන් පූර්ව තරගයට
ලකුණු 44කට කඩුලු 5ක් බිඳ වැටී තරගය බංග්ලාදේශය දෙසට හැරෙමින් තිබියදී ශ්රී ලංකාව වෙනුවෙන් සටන භාරගත් හර්ෂිතා සමරවික්රම, පීඩනය මැද ඉනිම ගොඩනඟමින් 19 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවට එල්ල කළ දැවැන්ත හයේ පහරින් තරගයේ වාසිය සම්පූර්ණයෙන්ම ශ්රී ලංකාව දෙසට හරවා ගත්තාය. ඒ වන විට අවසන් පන්දුවාරයේදී ජයග්රහණය සඳහා ශ්රී ලංකාවට අවශ්යව තිබුණේ ලකුණු 2ක් පමණක් වූ අතර, අවසානයේ පන්දු 4ක් ඉතිරිව තිබියදීම බංග්ලාදේශය කඩුලු 4කින් පරාජය කළ ශ්රී ලංකාව කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ පළමු වටය අපරාජිතව අවසන් කරමින් අවසන් කණ්ඩායම් හතර අතර වන අර්ධ අවසන් තරග වටයට අද (06 දා) රාත්රියේදී සුදුසුකම් ලබා ගත්තේය.