ලකුණු වෙත යන්න
sinhabet

ක්‍රිකට් පුවත්

ඉංග්‍රීසි සහ සිංහල ක්‍රිකට් පුවත්, නවතම පළමුව.

භාෂාවසිංහල

එංගලන්ත සංචාරයෙන් පසු ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ වෙනස්කම් කීපයක්

පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිත විස්සයි-20 තරග තුන සඳහා ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර ඇති අතර, එංගලන්තයට එරෙහිව පසුගියදා පැවැති විස්සයි-20 තරගාවලියට සාපේක්ෂව කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුකර තිබේ.

පුවත

දෙරට ඉතිහාසය අලුතින් ලියමින් එංගලන්තය 2-1ක ජයක් ලබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ එක්දින ජාත්‍යන්තර තරගාවලිය 1-2ක් ලෙස පරාජය වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිදු වූවා.

පුවත

තෙවැනි තරගයේ ජයත් සමඟින් එංගලන්තය එක්දින තරගාවලිය ජය ගනියි

ටොම් බැන්ටන් සිය මංගල එක්දින ශතකය වාර්තා කරමින්ද, හැරී බෲක් වේගවත් ලකුණු 77ක් රැස් කරමින්ද, ජෝර්ඩන් කොක්ස් පන්දු 52කින් ලකුණු 76ක් ලබා ගනිමින්ද එල්ල කළ ප්‍රහාරය හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් යළිත් වරක් අසරණ කරමින් එංගලන්තය තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 223ක දැවැන්ත ජයක් අද (27 දා) රාත්‍රියේ වාර්තා කළේය. ඒ සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට එංගලන්තයට හැකි විය.

පුවත

මෙන්ඩිස්ලා සමඟ එක් වූ වෙල්ලාලගේ ශ්‍රී ලංකාවට පළමු ජයග්‍රහණය ලබා දෙයි

කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස් හා එක් ව ගෙන ගිය සටන්කාමී ඉනිමත්, දුනිත් වෙල්ලාලගේ ගේ ආක්‍රමණකාරී පන්දු යැවීමත් හමුවේ සත්කාරක එංගලන්ත ක්‍රීඩකයන්ට එරෙහි ව 2 වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 16ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූවා.

පුවත

හසරංගට එක්දින තරගාවලිය අහිමි වෙයි

එංගලන්තයට එරෙහි එක්දින තරගාවලියේ ඉතිරි තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට වනිඳු හසරංගගේ සේවය අහිමි වී තිබේ. පුහුණුවීම් අතරතුර පහළ කොන්ද ප්‍රදේශයේ ඇති වූ වේදනාවක් හේතුවෙන් හසරංග යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

පුවත

කුසල්ගේ නායකත්වයේ ඉනිමෙන් ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය සම කරයි

හෙඩිංලිහිදී ලකුණු 322ක දැවැන්ත ඉලක්කයක් එංගලන්තය හමුවේ තබා, අවසන් මොහොත දක්වා උණුසුම් වූ තරගයකදී එය ලකුණු 16කින් ආරක්ෂා කරගත් ශ්‍රී ලංකාව, එංගලන්තයට එරෙහි එක්දින තරගාවලියේ දෙවැනි තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කරමින් තරගාවලිය 1-1ක් ලෙස සම කිරීමට අද (24) රාත්‍රියේදී සමත් විය. නායක කුසල් මෙන්ඩිස්ගේ පන්දු 82ක ශතකය ශ්‍රී ලංකා ඉනිමට දැවැන්ත පදනමක් සැකසූ අතර, ඩුනිත් වෙල්ලාලගේගේ දඟ පන්දුවෙන් එංගලන්ත ඉනිම බිඳ වැටෙද්දී අවසන් පන්දුවාරවල ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ජයග්‍රහණය තහවුරු කළහ.

පුවත

ශ්‍රී ලංකාව පළමු එක්දින තරගයත් පරාජය වෙයි

එංගලන්තය සමඟින් තරග 3කින් යුත් විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙසින් පරාජය වීමෙන් අනතුරු ව ආරම්භ වූ තරග 3කින් යුත් එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගය ද ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අවසන් කිරීමට සිදු වෙන්නේ පරාජිතවයි.

පුවත

පළමු එක්දින තරගයෙන් එංගලන්තය ජය ගනියි

ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ මැදපෙළ සම්පූර්ණයෙන්ම අඩපණ කළ විල් ජැක්ස් ලකුණු 22කට කඩුලු 5ක් දවාගැනීමත් සමඟ ඩර්හැම්හි රිවර්සයිඩ් ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 89 ක පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්තය අද (22 දා) රාත්‍රියේ සමත් විය.

පුවත

ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින තරගාවලිය අද සිට…

එංගලන්තයේ තරග සංචාරයකට එක් ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග 3කින් යුත් එක්දින ජාත්‍යන්තර තරගාවලිය අද (22) සිට ආරම්භ වීමට නියමිතයි.

පුවත

අගෝස්තුවේ ICC ක්‍රීඩකයා සම්මානය සොනාල් දිනූෂට

එංගලන්තයේ ඔලී රොබින්සන් සහ බංග්ලාදේශයේ හසන් මහ්මුද් අභිබවා යමින් අගෝස්තු මාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) මාසික ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ 25 හැවිරිදි සොනාල් දිනූෂ සමත් වී තිබේ.

පුවත

අගෝස්තුවේ ICC ක්‍රීඩකයා “සොනාල් දිනූෂ”

එංගලන්තයේ Ollie Robinson සහ බංග්ලාදේශයේ Hasan Mahmud අභිබවා යමින් අගෝස්තු මාසයේ විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත් වීමට 25 වැනි වියේ පසුවෙන සොනාල් දිනූෂ සමත් වෙනවා.

පුවත

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 2 වැනි තරගයත් පරාජය වෙයි

එංගලන්තයේ තරග සංචාරයකට එක් ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට තමන් සහභාගී වූ 2 වැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයෙන් ද කඩුලු 6ක පරාජයකට මුහුණ දීමට සිදු වූවා. එංගලන්ත ක්‍රීඩකයෝ ලබා ගත් මෙම ජයග්‍රහණයත් සමඟින් ඔවුන් තරග 3කින් යුත් තරගාවලිය තරග 2-0ක් ලෙසින් තවත් තරගයක් තිබිය දී ම ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා.

පුවත

පළමු T20 තරගයේ ජය එංගලන්තයට

එංගලන්තයේ තරග සංචාරයකට එක් ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 119ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සත්කාරක එංගලන්ත ක්‍රීඩකයෝ (15දා) සමත් වෙනවා.

පුවත

බෘක් – බට්ලර් ප්‍රහාරයෙන් විස්සයි-20 එංගලන්තය පෙරමුණට

එංගලන්ත පිතිකරුවන්ගේ දැවැන්ත ප්‍රහාරය හමුවේ කිසිදු පිළිතුරක් සොයාගත නොහැකි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සවුත්හැම්ප්ටන්හි යුටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි-20 ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 119ක දැවැන්ත පරාජයක් අත්විය. ඒ සමගම තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ 1-0 ක් ලෙස පෙරමුණට පැමිණීමට සත්කාරක එංගලන්ත කණ්ඩායමට හැකියාව ලැබිණ.

පුවත

එංගලන්ත අභියෝගයට ශ්‍රී ලංකාව සවුත්හැම්ප්ටන්හිදී පිටියට

එංගලන්තය සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම අද (15) සවුත්හැම්ප්ටන්හි යූටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී මුහුණ දෙයි. කුසල් මෙන්ඩිස් ආබාධයක් හේතුවෙන් T20I තරගාවලියෙන් ඉවත්ව සිටින බැවින්, ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම චරිත් අසලංක වෙත පැවරී තිබේ.

පුවත

ශ්‍රී ලංකා – එංගලන්ත T20 දශක 2ක මතක

එංගලන්තයේ තරග සංචාරයකට එක් ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන තරග 3කින් යුත් විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ හෙට (15) සිට ආරම්භ වීමට නියමිතයි.

පුවත

ශ්‍රී ලංකාව 2 වැනි පුහුණු තරගයත් කඩුලු 9කින් පරාජය වෙයි

එංගලන්තයේ තරග සංචාරයකට එක් ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම, තමන් සහභාගී වූ 2 වැනි පුහුණු විස්සයි විස්ස තරගයෙනුත් එංගලන්ත Lions  කණ්ඩායම හමුවේ ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 9ක පරාජයකට ලක් වීමට සිදු වුණා.

පුවත

පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පරාජයක්

එංගලන්තයේ තරග සංචාරයකට එක් ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ 1 වැනි පුහුණු විස්සයි විස්ස තරගයෙන් එංගලන්ත Lions  කණ්ඩායම හමුවේ කඩුලු 9ක පරාජයකට ලක් වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිදු වුණා.

පුවත