
17න් පහළ ක්රිකට් ක්රීඩකයෝ 277/8
ශ්රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක ම තුන් දින තරගයේ පළමු දිනය අවසන් වෙද්දී ශ්රී ලංකා ක්රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 277ක් ලබා සිටියා.
පුවත
ඉංග්රීසි සහ සිංහල ක්රිකට් පුවත්, නවතම පළමුව.

ශ්රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක ම තුන් දින තරගයේ පළමු දිනය අවසන් වෙද්දී ශ්රී ලංකා ක්රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 277ක් ලබා සිටියා.
පුවත

නැවත වතාවක් සංජනා කාවින්දි ගේ ප්රහාරාත්මක පිතිහරඹය ශ්රී ලංකා කාන්තා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ජයග්රහණය කරා ගෙන යෑමට ඉවහල් වෙනවා. මෙවර ඇය තම ප්රහාරය එල්ල කරන්නේ සත්කාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිවයි.
පුවත

ශ්රී ලංකා ක්රිකට් පරිවර්තන කමිටුවේ ගරු සභාපති එරාන් වික්රමරත්න මහතා මෑතකදී රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී සිදුකළ ප්රකාශ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් නිකුත් කරමින්, එම ප්රකාශ ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය (ICC) සම්බන්ධයෙන් කිසිදු අහිතකර අදහසක් ප්රකාශ කිරීමේ අරමුණින් සිදු නොකළ බව ශ්රී ලංකා ක්රිකට් පරිවර්තන කමිටුව අවධාරණය කරයි.
පුවත

සංජනා කවින්දිගේ විශිෂ්ට පිතිහරඹයත්, පන්දු යැවීමේදී ශ්රී ලංකා ක්රීඩිකාවන් දැක්වූ දක්ෂතාවත් හේතුවෙන් පාකිස්තානයේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි-20 තුන්කොන් තරගාවලියේ හයවැනි තරගයෙන් පාකිස්තාන යොවුන් කණ්ඩායමට එරෙහිව කඩුලු 9ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා යොවුන් ක්රීඩිකාවෝ අද (09 දා) සමත් වූහ.
පුවත

නායකත්වයට පත්වීමෙන් පසු තම පළමු විස්සයි-20 ජාත්යන්තර තරගයේදීම පිත්තෙන් විශිෂ්ට දස්කම් දැක්වූ සහිබ්සාදා ෆර්හාන්ගේ වේගවත් ලකුණු 89 සහ මාස් සාදාකාත්ගේ අර්ධ ශතකය හමුවේ ශ්රී ලංකාවට එරෙහි පළමු විස්සයි-20 ජාත්යන්තර තරගයෙන් පහසු ජයක් අත්කර ගැනීමට පාකිස්තානය අද (09 දා) රාත්රිෙය් සමත් විය.
පුවත

Sri Lanka tour of Pakistan 2026 මේ වෙද්දී ශ්රී ලංකා විස්සයි විස්ස සහ එක්දින කණ්ඩායම් ද්විත්වයේ නායකත්වය හිමි කුසල් මෙන්ඩිස්, ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් කණ්ඩායමේ ද නායකත්වයට ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව මඟින් නම් කර තිබෙනවා.
පුවත

සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ සත්කාරක පාකිස්තාන ක්රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි විස්ස ජාත්යන්තර තරගාවලිය හෙට (9) Rawalpindi ක්රිකට් ක්රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.
පුවත

පාකිස්තානයට එරෙහිව රාවල්පිණ්ඩිහිදී පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි-20 ජාත්යන්තර ක්රිකට් තරගාවලියේ පළමු තරගය සඳහා කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා කණ්ඩායම හෙට (09 දා) සූදානමින් පසුවෙයි. එංගලන්ත සංචාරයේදී පැවැති විස්සයි-20 තරග තුනම පරාජයට පත්වීමෙන් පසුව, කණ්ඩායමේ සංයුතිය හා ක්රීඩා රටාව යළි සකස් කරගැනීමේ වැදගත් අභියෝගයකට ශ්රී ලංකාව මෙහිදී මුහුණ දෙයි.
පුවත

පාකිස්තානයේ ෆයිසලාබාද්හිදී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 තුන්කොන් ක්රිකට් තරගාවලියේ පස්වැනි තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට ශ්රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම අද (08 දා) පස්වරුවේදීසමත් විය. ශ්රී ලංකා ජයග්රහණයේ කැපී පෙනෙන ක්රීඩිකාව බවට පත්වූ සංජනා කාවින්දි පන්දු 59කදී නොදැවී ලකුණු 90ක් රැස් කරමින් තරගයේ දක්ෂතම ක්රීඩිකා සම්මානය ද දිනාගත්තාය.
පුවත

ශ්රී ලංකා ජාතික පිරිමි ක්රිකට් කණ්ඩායමේ නව ටෙස්ට් නායකයා ලෙස කුසල් මෙන්ඩිස් පත් කිරීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
පුවත

අනුබද්ධිත ක්රිකට් සාමාජික රටවල ක්රිකට් ක්රීඩාව සංවර්ධනය සඳහා අඛණ්ඩව සහාය ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ, බහරේන් ක්රිකට් කණ්ඩායමට ශ්රී ලංකාවේදී පුහුණු කටයුතු සිදුකිරීම සඳහා අවශ්ය ක්රීඩා හා පුහුණු පහසුකම් මෙන්ම තරග සංවිධාන සහාය ලබාදීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය කටයුතු කර තිබේ.
පුවත

ශ්රී ලංකාව සමඟින් පැවැත්වෙන විස්සයි විස්ස සහ එක්දින ජාත්යන්තර තරගාවලි ද්විත්වය සඳහා එක් වෙන පාකිස්තාන සංචිත පසුගියාදා නම් කෙරුණා. එහි විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය Sahibzada Farhan වෙත පවරා ඇති අතර එක්දින කණ්ඩායමේ නායකත්වය බාර දී ඇත්තේ Shaheen Shah Afridi වෙතයි.
පුවත

ශ්රී ලංකා පාසල් ක්රිකට් සංගමය, ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරන අන්තර් පාසල් පළමු පෙළ එක්දින ක්රිකට් තරගාවලියේ අද (6) පැවැති කොළඹ නාලන්දා විද්යාලය සහ කැළණිය ගුරුකුල විද්යාලය අතර තරගයේ දී කඩුලු 9ක ජයග්රහණයක් ලබා ගැනීමට නාලන්දා විද්යාලය සමත් වෙනවා.
පුවත

ශ්රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම බංග්ලාදේශයට එරෙහිව කඩුලු 4ක තියුණු ජයක් වාර්තා කරමින් පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් තරගාවලියේ සිය ජයග්රාහී ගමන ආරම්භ කළේය.
පුවත

ශ්රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම තුන්දින තරගයකට සහ එක්දින තරග පහකින් සමන්විත තරගාවලියකට සහභාගී වීම සඳහා පාකිස්තානය බලා පිටත්ව ගියේය.
පුවත

අසේනි තලගුණේ ගේ දක්ෂ පන්දු යැවීමට සංජනා කාවින්දි ගේ ප්රහාරාත්මක පිතිහරඹය එක් වීමත් සමඟින් පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා යොවුන් තුන්කොන් තරගාවලියට එක් වූ ශ්රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ පළමු ජයග්රහණය අද (5) වාර්තා කළා.
පුවත

මේ මස 9 වැනිදා සිට පාකිස්තානයේ දී පැවැත්වෙන තුන්දින තරගයක් සහ තරග 5කින් යුත් එක්දින තරගාවලියක් සඳහා සහභාගී වෙන ශ්රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම මෙරටින් පිටත් වුණා.
පුවත

පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත පාකිස්තානය, ශ්රී ලංකාව සහ එංගලන්තය සහභාගි වන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලිය සඳහා ක්රීඩකයන් 16 දෙනකුගෙන් සමන්විත ශ්රී ලංකා සංචිතය ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව විසින් නම් කර තිබේ.
පුවත