ලකුණු වෙත යන්න
sinhabet

ක්‍රිකට් පුවත්

ඉංග්‍රීසි සහ සිංහල ක්‍රිකට් පුවත්, නවතම පළමුව.

භාෂාවසිංහල

ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කම

බංග්ලාදේශයට එරෙහිව ලකුණු 63 ක විශිෂ්ට ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම, ආසියානු ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට අද (03 දා) උදෑසන සමත් විය. ශ්‍රී ලංකා ඉනිම අසීරු අවස්ථාවකින් ගොඩනැගූ තරිඳු රත්නායක පන්දු 32 කින් රැස් කළ වේගවත් ලකුණු 65 සහ පන්දු යැවීමෙන් දවාගත් කඩුලු දෙක, මෙම ජයග්‍රහණයේ කැපී පෙනෙන දායකත්වය බවට පත්විය.

පුවත

පාකිස්තානයට යන ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් පාකිස්තානයේ සිදු කිරීමට නියමිත විස්සයි විස්ස තරග සංචාරයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පුවත

පාකිස්තාන සංචාරයට ශ්‍රී ලංකා අවුරුදු 17න් පහළ කණ්ඩායම නම් කරයි

පාකිස්තාන අවුරුදු 17න් පහළ කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා අවුරුදු 17න් පහළ කණ්ඩායම නම් කර තිබේ. ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම ඔක්තෝබර් 4 වැනිදා පාකිස්තානය බලා පිටත්ව යෑමට නියමිතය.

පුවත

එංගලන්ත සංචාරයෙන් පසු ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ වෙනස්කම් කීපයක්

පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිත විස්සයි-20 තරග තුන සඳහා ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර ඇති අතර, එංගලන්තයට එරෙහිව පසුගියදා පැවැති විස්සයි-20 තරගාවලියට සාපේක්ෂව කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුකර තිබේ.

පුවත

ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම ලෝකඩ පදක්කම් සටනට

ජපානයේ Aichi-Nagoya හි දී පැවැත්වෙන 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් පිරිමි ඉසව්වට ඉන්දීය කණ්ඩායම සමඟින් එක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ප්‍රතිවාදීන් ඉදිරියේ හිමි වූ ලකුණු 124ක පරාජයත් සමඟින් ඔවුන්ගේ රන් පදක්කම් සිහිනය ගිලිහෙනවා.

පුවත

ඉන්දියාව රන් සටනට යද්දී ශ්‍රී ලංකාව ලෝකඩ සටනට

ජපානයේ පැවැත්වෙන 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාව ලකුණු 124ක දැවැන්ත පරාජයකට මුහුණ දුන්නේය. ඒ අනුව ඉන්දියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් අතර, ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම වෙනුවෙන් බංග්ලාදේශය සමඟ ඔක්තෝබර් 3 වැනිදා තරග කිරීමට සිදුව තිබේ. ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාව වාර්තා කළ මෙම ජයග්‍රහණය ඔවුන්ගේ විස්සයි20 ජාත්‍යන්තර තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාවට එරෙහි විශාලතම ජයග්‍රහණය ලෙසද සටහන් විය.

පුවත

මහජන විශ්වාසය හා වගවීම ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංස්කරණ රැසක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු භාරව සිටින ක්‍රිකට් පරිවර්තන කමිටුව මේ වන විටත් මහජන විශ්වාසය යළි ගොඩනැගීම, මූල්‍ය වගවීම ශක්තිමත් කිරීම සහ මෙරට ක්‍රිකට් පරිපාලනය තුළ වෘත්තීයමය පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීම යන කරුණු මූලික කර ගනිමින් ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාත්මක කරමින් සිටින බව එම කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න මහතා අද (30 දා) පැවසීය.

පුවත

ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

ජපානයේ නිෂින්හිදී නේපාලය සමඟ අද (29 දා) පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගය වර්ෂාව හේතුවෙන් එකදු පන්දුවක් හෝ යැවීමට නොහැකිවීම නිසා තරග අතහැර දැමීමත් සමඟ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

පුවත

Tier B T20 පිටියේ පෑ දස්කම් විස්කම්

කණ්ඩායම් 6ක් කාණ්ඩ 2ක් යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ Tier B විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 2026 වසරේ ශූරතාව සොයා ගිය ගමන අවසන් වෙන්නේ Army SC කණ්ඩායම ශූරයන් බවට පත් වෙමිනුයි. එහි අනුශූරයන් බවට පත් වූයේ අවසන් මහා තරගයේ දී කඩුලු 6කින් පරාජයට පත් Leo CC කණ්ඩායමයි.

පුවත

දෙරට ඉතිහාසය අලුතින් ලියමින් එංගලන්තය 2-1ක ජයක් ලබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ එක්දින ජාත්‍යන්තර තරගාවලිය 1-2ක් ලෙස පරාජය වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිදු වූවා.

පුවත

ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දෙසැම්බරයේ මෙරටට

ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායම් අතර පළමු ස්ථානයේ පසුවෙන ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන දෙසැම්බර් මාසයේ දී මෙරට සංචාරයක නිරත වීමට නියමිතයි.

පුවත

Army ක්‍රීඩකයෝ විස්සයි විස්ස කුසලානයත් දිනා ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ Tier B විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 2026 වසරේ ශූරයන් බවට පත් වීමට Army SC ක්‍රීඩකයෝ අද (26) සමත් වෙනවා.

පුවත

ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම දෙසැම්බරයේදී ශ්‍රී ලංකාවට

ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියකට සහභාගී වීම සඳහා ලබන දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

පුවත

ලියෝ සහ යුද හමුදාව අනුරාධපුරයේදී හෙට ගැටෙති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධාන පෙළේ සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාව වෙනුවෙන් ලියෝ ක්‍රිකට් සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය හෙට (26) අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී (සමාධී ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී) අවසන් සටනට පිවිසෙති.

පුවත

Leo සහ Army අවසන් ගැටුම අනුරාධපුරේ දී

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට (26) අනුරාධපුර සමාධී ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

පුවත

මෙන්ඩිස්ලා සමඟ එක් වූ වෙල්ලාලගේ ශ්‍රී ලංකාවට පළමු ජයග්‍රහණය ලබා දෙයි

කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස් හා එක් ව ගෙන ගිය සටන්කාමී ඉනිමත්, දුනිත් වෙල්ලාලගේ ගේ ආක්‍රමණකාරී පන්දු යැවීමත් හමුවේ සත්කාරක එංගලන්ත ක්‍රීඩකයන්ට එරෙහි ව 2 වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 16ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූවා.

පුවත

හසරංගට එක්දින තරගාවලිය අහිමි වෙයි

එංගලන්තයට එරෙහි එක්දින තරගාවලියේ ඉතිරි තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට වනිඳු හසරංගගේ සේවය අහිමි වී තිබේ. පුහුණුවීම් අතරතුර පහළ කොන්ද ප්‍රදේශයේ ඇති වූ වේදනාවක් හේතුවෙන් හසරංග යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

පුවත

කුසල්ගේ නායකත්වයේ ඉනිමෙන් ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය සම කරයි

හෙඩිංලිහිදී ලකුණු 322ක දැවැන්ත ඉලක්කයක් එංගලන්තය හමුවේ තබා, අවසන් මොහොත දක්වා උණුසුම් වූ තරගයකදී එය ලකුණු 16කින් ආරක්ෂා කරගත් ශ්‍රී ලංකාව, එංගලන්තයට එරෙහි එක්දින තරගාවලියේ දෙවැනි තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කරමින් තරගාවලිය 1-1ක් ලෙස සම කිරීමට අද (24) රාත්‍රියේදී සමත් විය. නායක කුසල් මෙන්ඩිස්ගේ පන්දු 82ක ශතකය ශ්‍රී ලංකා ඉනිමට දැවැන්ත පදනමක් සැකසූ අතර, ඩුනිත් වෙල්ලාලගේගේ දඟ පන්දුවෙන් එංගලන්ත ඉනිම බිඳ වැටෙද්දී අවසන් පන්දුවාරවල ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ජයග්‍රහණය තහවුරු කළහ.

පුවත