
පාකිස්තානයට යන ශ්රී ලංකා T20 සංචිතය නම් කරයි
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම විසින් පාකිස්තානයේ සිදු කිරීමට නියමිත විස්සයි විස්ස තරග සංචාරයට සහභාගී වන ශ්රී ලංකා සංචිතය ප්රකාශයට පත් කර තිබෙනවා.
පුවත
ඉංග්රීසි සහ සිංහල ක්රිකට් පුවත්, නවතම පළමුව.

ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම විසින් පාකිස්තානයේ සිදු කිරීමට නියමිත විස්සයි විස්ස තරග සංචාරයට සහභාගී වන ශ්රී ලංකා සංචිතය ප්රකාශයට පත් කර තිබෙනවා.
පුවත

පාකිස්තාන අවුරුදු 17න් පහළ කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරග සංචාරය සඳහා ශ්රී ලංකා අවුරුදු 17න් පහළ කණ්ඩායම නම් කර තිබේ. ක්රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත ශ්රී ලංකා කණ්ඩායම ඔක්තෝබර් 4 වැනිදා පාකිස්තානය බලා පිටත්ව යෑමට නියමිතය.
පුවත

පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිත විස්සයි-20 තරග තුන සඳහා ක්රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත ශ්රී ලංකා කණ්ඩායම නම් කර ඇති අතර, එංගලන්තයට එරෙහිව පසුගියදා පැවැති විස්සයි-20 තරගාවලියට සාපේක්ෂව කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුකර තිබේ.
පුවත

ජපානයේ Aichi-Nagoya හි දී පැවැත්වෙන 20 වැනි ආසියානු ක්රීඩා උළෙලේ ක්රිකට් පිරිමි ඉසව්වට ඉන්දීය කණ්ඩායම සමඟින් එක් වූ ශ්රී ලංකා ක්රීඩකයන්ට ප්රතිවාදීන් ඉදිරියේ හිමි වූ ලකුණු 124ක පරාජයත් සමඟින් ඔවුන්ගේ රන් පදක්කම් සිහිනය ගිලිහෙනවා.
පුවත

ජපානයේ පැවැත්වෙන 2026 ආසියානු ක්රීඩා උළෙලේ පිරිමි ක්රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව හමුවේ ශ්රී ලංකාව ලකුණු 124ක දැවැන්ත පරාජයකට මුහුණ දුන්නේය. ඒ අනුව ඉන්දියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් අතර, ශ්රී ලංකාවට ලෝකඩ පදක්කම වෙනුවෙන් බංග්ලාදේශය සමඟ ඔක්තෝබර් 3 වැනිදා තරග කිරීමට සිදුව තිබේ. ශ්රී ලංකාවට එරෙහිව ඉන්දියාව වාර්තා කළ මෙම ජයග්රහණය ඔවුන්ගේ විස්සයි20 ජාත්යන්තර තරග ඉතිහාසයේ ශ්රී ලංකාවට එරෙහි විශාලතම ජයග්රහණය ලෙසද සටහන් විය.
පුවත

ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ පරිපාලන කටයුතු භාරව සිටින ක්රිකට් පරිවර්තන කමිටුව මේ වන විටත් මහජන විශ්වාසය යළි ගොඩනැගීම, මූල්ය වගවීම ශක්තිමත් කිරීම සහ මෙරට ක්රිකට් පරිපාලනය තුළ වෘත්තීයමය පාලන ක්රමයක් ස්ථාපිත කිරීම යන කරුණු මූලික කර ගනිමින් ප්රතිසංස්කරණ රැසක් ක්රියාත්මක කරමින් සිටින බව එම කමිටුවේ සභාපති එරාන් වික්රමරත්න මහතා අද (30 දා) පැවසීය.
පුවත

ජපානයේ නිෂින්හිදී නේපාලය සමඟ අද (29 දා) පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු ක්රීඩා උළෙලේ පිරිමි ක්රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගය වර්ෂාව හේතුවෙන් එකදු පන්දුවක් හෝ යැවීමට නොහැකිවීම නිසා තරග අතහැර දැමීමත් සමඟ ශ්රී ලංකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
පුවත

කණ්ඩායම් 6ක් කාණ්ඩ 2ක් යටතේ ශ්රී ලංකා ක්රිකට් සංවිධානය කළ Tier B විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේ 2026 වසරේ ශූරතාව සොයා ගිය ගමන අවසන් වෙන්නේ Army SC කණ්ඩායම ශූරයන් බවට පත් වෙමිනුයි. එහි අනුශූරයන් බවට පත් වූයේ අවසන් මහා තරගයේ දී කඩුලු 6කින් පරාජයට පත් Leo CC කණ්ඩායමයි.
පුවත

ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ එක්දින ජාත්යන්තර තරගාවලිය 1-2ක් ලෙස පරාජය වීමට ශ්රී ලංකා ක්රීඩකයන්ට සිදු වූවා.
පුවත

ලෝක ශ්රේණිගත කිරීම් අනුව කාන්තා එක්දින ක්රිකට් කණ්ඩායම් අතර පළමු ස්ථානයේ පසුවෙන ඕස්ට්රේලියා කාන්තා ක්රිකට් කණ්ඩායම එළැඹෙන දෙසැම්බර් මාසයේ දී මෙරට සංචාරයක නිරත වීමට නියමිතයි.
පුවත

ශ්රී ලංකා ක්රිකට් සංවිධානය කළ Tier B විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේ 2026 වසරේ ශූරයන් බවට පත් වීමට Army SC ක්රීඩකයෝ අද (26) සමත් වෙනවා.
පුවත

ඕස්ට්රේලියානු කාන්තා ක්රිකට් කණ්ඩායම තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියකට සහභාගී වීම සඳහා ලබන දෙසැම්බර් මාසයේදී ශ්රී ලංකාවට පැමිණීමට නියමිතය.
පුවත

ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කරන ප්රධාන පෙළේ සමාජ විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේ ශූරතාව වෙනුවෙන් ලියෝ ක්රිකට් සමාජය සහ යුද හමුදා ක්රීඩා සමාජය හෙට (26) අනුරාධපුර දිස්ත්රික් ක්රිකට් ක්රීඩාංගණයේදී (සමාධී ක්රිකට් ක්රීඩාංගණයේදී) අවසන් සටනට පිවිසෙති.
පුවත

ශ්රී ලංකා ක්රිකට් සංවිධානය කරන Major Club විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට (26) අනුරාධපුර සමාධී ක්රිකට් ක්රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
පුවත

කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස් හා එක් ව ගෙන ගිය සටන්කාමී ඉනිමත්, දුනිත් වෙල්ලාලගේ ගේ ආක්රමණකාරී පන්දු යැවීමත් හමුවේ සත්කාරක එංගලන්ත ක්රීඩකයන්ට එරෙහි ව 2 වැනි එක්දින ජාත්යන්තර ක්රිකට් තරගයෙන් ලකුණු 16ක ජයග්රහණයක් ලබා ගැනීමට ශ්රී ලංකා ක්රීඩකයෝ සමත් වූවා.
පුවත

එංගලන්තයට එරෙහි එක්දින තරගාවලියේ ඉතිරි තරග සඳහා ශ්රී ලංකා කණ්ඩායමට වනිඳු හසරංගගේ සේවය අහිමි වී තිබේ. පුහුණුවීම් අතරතුර පහළ කොන්ද ප්රදේශයේ ඇති වූ වේදනාවක් හේතුවෙන් හසරංග යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇත.
පුවත

හෙඩිංලිහිදී ලකුණු 322ක දැවැන්ත ඉලක්කයක් එංගලන්තය හමුවේ තබා, අවසන් මොහොත දක්වා උණුසුම් වූ තරගයකදී එය ලකුණු 16කින් ආරක්ෂා කරගත් ශ්රී ලංකාව, එංගලන්තයට එරෙහි එක්දින තරගාවලියේ දෙවැනි තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කරමින් තරගාවලිය 1-1ක් ලෙස සම කිරීමට අද (24) රාත්රියේදී සමත් විය. නායක කුසල් මෙන්ඩිස්ගේ පන්දු 82ක ශතකය ශ්රී ලංකා ඉනිමට දැවැන්ත පදනමක් සැකසූ අතර, ඩුනිත් වෙල්ලාලගේගේ දඟ පන්දුවෙන් එංගලන්ත ඉනිම බිඳ වැටෙද්දී අවසන් පන්දුවාරවල ශ්රී ලංකා පන්දු යවන්නෝ ජයග්රහණය තහවුරු කළහ.
පුවත

එංගලන්තය සමඟින් තරග 3කින් යුත් විස්සයි විස්ස ජාත්යන්තර ක්රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙසින් පරාජය වීමෙන් අනතුරු ව ආරම්භ වූ තරග 3කින් යුත් එක්දින ජාත්යන්තර තරගාවලියේ පළමු තරගය ද ශ්රී ලංකා ක්රීඩකයන්ට අවසන් කිරීමට සිදු වෙන්නේ පරාජිතවයි.
පුවත