ලකුණු වෙත යන්න
sinhabet

ක්‍රිකට් පුවත්

ඉංග්‍රීසි සහ සිංහල ක්‍රිකට් පුවත්, නවතම පළමුව.

භාෂාවසිංහල

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති

පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ ශූරතාව දිනා ගැනීමට අද (16 දා) පස්වරුවේදී සමත් වූහ.

පුවත

අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්

පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග වදිති. තරගාවලියේ මෙතෙක් අපරාජිතව ඉදිරියට පැමිණ සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට හෙට ජයග්‍රහණය හිමි කර ගනිමින් ශූරතාව දිනා ගැනීමේ ප්‍රබල අවස්ථාවක් උදා වී තිබේ.

පුවත

ශ්‍රී ලංකා යෞවනියෝ 5 වැනි ජයත් ලබයි

පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා යොවුන් තුන්කොන් තරගාවලියේ නිමා වූ 9 වැනි තරගයේදී බංග්ලාදේශයට එරෙහි ව කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩිකාවෝ සමත් වුණා.

පුවත

ලිමන්සාගේ තුන් ඉරියව් දස්කම් හමුවේ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ කඩුලු 8ක ජයක් ලබති

පාකිස්තානයේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව අද (14) පැවැති තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ සමත් වූහ.

පුවත

සංජනා නැවතත් බංග්ලාදේශය අමාරුවේ දමයි

සංජනා කාවින්දි ගේ ප්‍රහාරාත්මක පිතිහරඹය හමුවේ නැවතත් අසරණ වීමට බංග්ලාදේශයට සිදු වුණා. ඒ පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා යොවුන් තුන්කොන් තරගාවලියේ අද (8) පැවැති තරගයෙනුයි.

පුවත

සංජනාගේ විශිෂ්ට ඉනිමෙන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට ජය

පාකිස්තානයේ ෆයිසලාබාද්හිදී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම අද (08 දා) පස්වරුවේදීසමත් විය. ශ්‍රී ලංකා ජයග්‍රහණයේ කැපී පෙනෙන ක්‍රීඩිකාව බවට පත්වූ සංජනා කාවින්දි පන්දු 59කදී නොදැවී ලකුණු 90ක් රැස් කරමින් තරගයේ දක්ෂතම ක්‍රීඩිකා සම්මානය ද දිනාගත්තාය.

පුවත

අවසන් පන්දුවේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ජය වාර්තා කරති

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම බංග්ලාදේශයට එරෙහිව කඩුලු 4ක තියුණු ජයක් වාර්තා කරමින් පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් තරගාවලියේ සිය ජයග්‍රාහී ගමන ආරම්භ කළේය.

පුවත

අසේනි සහ සංජනා ගේ දක්ෂතා බංග්ලාදේශයට පරාජය ගෙන එයි

අසේනි තලගුණේ ගේ දක්ෂ පන්දු යැවීමට සංජනා කාවින්දි ගේ ප්‍රහාරාත්මක පිතිහරඹය එක් වීමත් සමඟින් පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා යොවුන් තුන්කොන් තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ පළමු ජයග්‍රහණය අද (5) වාර්තා කළා.

පුවත

ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කම

බංග්ලාදේශයට එරෙහිව ලකුණු 63 ක විශිෂ්ට ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම, ආසියානු ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට අද (03 දා) උදෑසන සමත් විය. ශ්‍රී ලංකා ඉනිම අසීරු අවස්ථාවකින් ගොඩනැගූ තරිඳු රත්නායක පන්දු 32 කින් රැස් කළ වේගවත් ලකුණු 65 සහ පන්දු යැවීමෙන් දවාගත් කඩුලු දෙක, මෙම ජයග්‍රහණයේ කැපී පෙනෙන දායකත්වය බවට පත්විය.

පුවත

ඉන්දියාව රන් සටනට යද්දී ශ්‍රී ලංකාව ලෝකඩ සටනට

ජපානයේ පැවැත්වෙන 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාව ලකුණු 124ක දැවැන්ත පරාජයකට මුහුණ දුන්නේය. ඒ අනුව ඉන්දියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් අතර, ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම වෙනුවෙන් බංග්ලාදේශය සමඟ ඔක්තෝබර් 3 වැනිදා තරග කිරීමට සිදුව තිබේ. ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාව වාර්තා කළ මෙම ජයග්‍රහණය ඔවුන්ගේ විස්සයි20 ජාත්‍යන්තර තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාවට එරෙහි විශාලතම ජයග්‍රහණය ලෙසද සටහන් විය.

පුවත

අගෝස්තුවේ ICC ක්‍රීඩකයා සම්මානය සොනාල් දිනූෂට

එංගලන්තයේ ඔලී රොබින්සන් සහ බංග්ලාදේශයේ හසන් මහ්මුද් අභිබවා යමින් අගෝස්තු මාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) මාසික ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ 25 හැවිරිදි සොනාල් දිනූෂ සමත් වී තිබේ.

පුවත

අගෝස්තුවේ ICC ක්‍රීඩකයා “සොනාල් දිනූෂ”

එංගලන්තයේ Ollie Robinson සහ බංග්ලාදේශයේ Hasan Mahmud අභිබවා යමින් අගෝස්තු මාසයේ විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත් වීමට 25 වැනි වියේ පසුවෙන සොනාල් දිනූෂ සමත් වෙනවා.

පුවත

හර්ෂිතාගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාව අපරාජිතව අවසන් පූර්ව තරගයට

ලකුණු 44කට කඩුලු 5ක් බිඳ වැටී තරගය බංග්ලාදේශය දෙසට හැරෙමින් තිබියදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සටන භාරගත් හර්ෂිතා සමරවික්‍රම, පීඩනය මැද ඉනිම ගොඩනඟමින් 19 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවට එල්ල කළ දැවැන්ත හයේ පහරින් තරගයේ වාසිය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව දෙසට හරවා ගත්තාය. ඒ වන විට අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍යව තිබුණේ ලකුණු 2ක් පමණක් වූ අතර, අවසානයේ පන්දු 4ක් ඉතිරිව තිබියදීම බංග්ලාදේශය කඩුලු 4කින් පරාජය කළ ශ්‍රී ලංකාව කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ පළමු වටය අපරාජිතව අවසන් කරමින් අවසන් කණ්ඩායම් හතර අතර වන අර්ධ අවසන් තරග වටයට අද (06 දා) රාත්‍රියේදී සුදුසුකම් ලබා ගත්තේය.

පුවත

ප්‍රබෝධාගේ විශිෂ්ට පන්දු යැවීමෙන් බංග්ලාදේශය 114කට සීමා වෙයි

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (06) පැවැත්වෙන කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ තරගයේදී බංග්ලාදේශ කාන්තා කණ්ඩායම ලකුණු 114කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත් වූහ.

පුවත

ශ්‍රී ලංකාවට එරෙහි ව එන Nigar ගේ බංග්ලාදේශ බලඇණිය

2026 ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන 3 වැනි සහ අවසන් තරගය අද (6) බංග්ලාදේශය සමඟින් Dubai ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

පුවත