
ශ්රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී
ශ්රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්යන්තර ක්රිකට් තරගාවලියේ පාකිස්තාන කණ්ඩායම සමඟින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්රී ලංකාව අද (27) සමත් වෙනවා.
පුවත
ඉංග්රීසි සහ සිංහල ක්රිකට් පුවත්, නවතම පළමුව.

ශ්රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්යන්තර ක්රිකට් තරගාවලියේ පාකිස්තාන කණ්ඩායම සමඟින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්රී ලංකාව අද (27) සමත් වෙනවා.
පුවත

මේ දිනවල පාකිස්තානයේ දී පැවැත්වෙන ශ්රී ලංකාව, එංගලන්තය සහ පාකිස්තානය සහභාගී වන තුන් කොන් එක්දින ක්රිකට් තරගාවලිය නැවත වතාවක් ලෝක අවදානයට ලක් වුණා. ඒ (25දා) Lahore හී Gaddafi ක්රීඩාංගණයේ දී නිමා වූ පාකිස්තාන සහ එංගලන්තය අතර තරගයේ දී නැවත වතාවක් ලෝක වාර්තා කිහිපයක් ම ඉතිහාසයට එක් වීම හේතුවෙනුයි.
පුවත

එංගලන්ත කාන්තා ජාතික ක්රිකට් කණ්ඩායම එළැඹෙන වසරේ දී මෙරට සංචාරයක නිරත වෙන බවට ශ්රී ලංකා ක්රිකට් විසින් ප්රකාශයට පත් කර තිබෙනවා. ඔවුන් මෙරට දී විස්සයි විස්ස සහ එක්දින තරගාවලි ද්විත්වයකට එක් වීමට නියමිතයි.
පුවත

එක්දින ජාත්යන්තර තරග ඉතිහාසයේ දෙවැනි ඉහළ ම ලකුණු හඹා යෑම සහ තවත් වාර්තාවන් රැසක් ද සමඟින් පාකිස්තානයේ Rawalpindi ක්රිකට් ක්රීඩාංගණයේ දී නිමා වූ ශ්රී ලංකා – එංගලන්ත එක්දින තරගය ලෝක තරග ඉතිහාසයේ 5042 වැනි එක්දින ජාත්යන්තර තරගයයි.
පුවත

එක්දින ජාත්යන්තර තරග ඉතිහාසයේ දෙවැනි ඉහළ ම ලකුණු හඹා යෑම සහ තවත් වාර්තාවන් රැසක් ද සමඟින් නිමා වූ ශ්රී ලංකා – එංගලන්ත එක්දින තරගයෙන් කඩුලු 2ක ජයග්රහණයක් ලබා ගැනීමට ශ්රී ලංකා ක්රීඩකයෝ සමත් වුණා.
පුවත

හැරී බෘෘක්ගේ වාර්තාගත ද්විත්ව ශතකය අපතේ යවමින් එක්දින ජාත්යන්තර ක්රිකට් ඉතිහාසයේ දෙවැනි ඉහළම ලකුණු හඹා යාම සාර්ථක කරගත් ශ්රී ලංකාව, රාවල්පිණ්ඩිහිදී පැවැති තරගයෙන් එංගලන්තයට එරෙහිව කඩුලු 2 ක විශිෂ්ට ජයක් අද (22 දා) රාත්රියේ වාර්තා කළේය. එංගලන්තය කඩුලු 4ක් දැවී රැස් කළ ලකුණු 429ට පිළිතුරු ලෙස ශ්රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 430ක් රැස් කළේ තරගයේ අවසන් පන්දුවාරයේදී පන්දුවක් ඉතිරිව තිබියදීය.
පුවත

ශ්රී ලංකාවට එරෙහිව රාවල්පිණ්ඩිහිදී අද (22 දා) පැවැති එක්දින තරගයේදී පන්දු 114කින් ද්විත්ව ශතකයක් වාර්තා කළ එංගලන්ත නායක හැරී බෘක්, එක්දින ජාත්යන්තර ක්රිකට් ඉතිහාසයේ වේගවත්ම ද්විත්ව ශතකයේ හිමිකරුවා බවට පත්විය. බෘක්ගේ ප්රවේගකාරී පිතිහරඹය හමුවේ එංගලන්තය කඩුලු 4ක් දැවී ලකුණු 429ක් රැස් කළ අතර, එය එක්දින තරගයකදී ශ්රී ලංකාවට එරෙහිව ප්රතිවාදී කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්යාව ද විය.
පුවත

එංගලන්ත කාන්තා ක්රිකට් කණ්ඩායම 2027 වසරේ ජනවාරි සහ මාර්තු මාසවලදී ශ්රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතය. එම සංචාරයට විස්සයි20 ජාත්යන්තර තරග තුනක් සහ එක්දින ජාත්යන්තර තරග තුනක් ඇතුළත් වන අතර, තරගාවලි දෙක අතරතුර ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයේ කාන්තා ශූරතාවලිය සඳහා වෙන්කර ඇති කාලසීමාවක් ද පවතී.
පුවත

ශ්රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය එක්වන තුන්කොන් එක්දින ජාත්යන්තර ක්රිකට් තරගාවලියට ජයග්රාහී ආරම්භයක් ලබා ගැනීමට සත්කාරක පාකිස්තාන කණ්ඩායම අද (18) රාත්රියේදී සමත් විය. රාවල්පිණ්ඩි ක්රීඩාංගණයේ පැවැති තරගයේදී ශ්රී ලංකාව ලකුණු 37කින් පරාජය කළ පාකිස්තානය, සිය ජයග්රහණය වෙනුවෙන් සල්මන් අගාගේ විශිෂ්ට ශතකයත්, අවසන් භාගයේදී ක්රියාත්මක වූ පන්දු යවන්නන්ගේ දක්ෂතාවත් කැපී පෙනිණ.
පුවත

ශ්රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්යන්තර ක්රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්ර කරගනිමින් පැවැත්වීමට නියමිතය. කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් තරගාවලියට එක්වන ශ්රී ලංකා කණ්ඩායමට, ජාත්යන්තර එක්දින පිටියේ ප්රබල ප්රතිවාදීන් දෙදෙනකු හමුවේ තම උපරිමයෙන්ම ක්රීඩා කිරීමට සිදුවනු ඇත.
පුවත

ශ්රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්යන්තර ක්රිකට් තරගාවලිය මේ මස 18 වැනිදා සිට 31 වැනිදා දක්වා Rawalpindi සහ Lahore හි දී ක්රියාත්මක වීමට නියමිතයි.
පුවත

පාකිස්තානය, එංගලන්තය සහ ශ්රී ලංකාව සහභාගි වන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලිය සඳහා නම් කර ඇති ශ්රී ලංකා සංචිතයට පැතුම් නිශ්ශංක එක් නොවන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
පුවත

පාකිස්තානයට එරෙහිව රාවල්පිණ්ඩිහිදී පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි-20 ජාත්යන්තර ක්රිකට් තරගාවලියේ පළමු තරගය සඳහා කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා කණ්ඩායම හෙට (09 දා) සූදානමින් පසුවෙයි. එංගලන්ත සංචාරයේදී පැවැති විස්සයි-20 තරග තුනම පරාජයට පත්වීමෙන් පසුව, කණ්ඩායමේ සංයුතිය හා ක්රීඩා රටාව යළි සකස් කරගැනීමේ වැදගත් අභියෝගයකට ශ්රී ලංකාව මෙහිදී මුහුණ දෙයි.
පුවත

පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත පාකිස්තානය, ශ්රී ලංකාව සහ එංගලන්තය සහභාගි වන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලිය සඳහා ක්රීඩකයන් 16 දෙනකුගෙන් සමන්විත ශ්රී ලංකා සංචිතය ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව විසින් නම් කර තිබේ.
පුවත

පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිත විස්සයි-20 තරග තුන සඳහා ක්රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත ශ්රී ලංකා කණ්ඩායම නම් කර ඇති අතර, එංගලන්තයට එරෙහිව පසුගියදා පැවැති විස්සයි-20 තරගාවලියට සාපේක්ෂව කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුකර තිබේ.
පුවත

ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ එක්දින ජාත්යන්තර තරගාවලිය 1-2ක් ලෙස පරාජය වීමට ශ්රී ලංකා ක්රීඩකයන්ට සිදු වූවා.
පුවත

ටොම් බැන්ටන් සිය මංගල එක්දින ශතකය වාර්තා කරමින්ද, හැරී බෲක් වේගවත් ලකුණු 77ක් රැස් කරමින්ද, ජෝර්ඩන් කොක්ස් පන්දු 52කින් ලකුණු 76ක් ලබා ගනිමින්ද එල්ල කළ ප්රහාරය හමුවේ ශ්රී ලංකා පිතිකරුවන් යළිත් වරක් අසරණ කරමින් එංගලන්තය තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 223ක දැවැන්ත ජයක් අද (27 දා) රාත්රියේ වාර්තා කළේය. ඒ සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට එංගලන්තයට හැකි විය.
පුවත

කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස් හා එක් ව ගෙන ගිය සටන්කාමී ඉනිමත්, දුනිත් වෙල්ලාලගේ ගේ ආක්රමණකාරී පන්දු යැවීමත් හමුවේ සත්කාරක එංගලන්ත ක්රීඩකයන්ට එරෙහි ව 2 වැනි එක්දින ජාත්යන්තර ක්රිකට් තරගයෙන් ලකුණු 16ක ජයග්රහණයක් ලබා ගැනීමට ශ්රී ලංකා ක්රීඩකයෝ සමත් වූවා.
පුවත