ලකුණු වෙත යන්න
sinhabet

ක්‍රිකට් පුවත්

ඉංග්‍රීසි සහ සිංහල ක්‍රිකට් පුවත්, නවතම පළමුව.

භාෂාවසිංහල

Hayleys Group A කණ්ඩායමට කඩුලු 8ක ජයක්

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය 33 වැනි වරටත් සංවිධානය කරන Singer – MCA Super Premier League එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (13) පැවැති SLC Youth සහ Hayleys Group A අතර තරගයෙන් Hayleys Group A ක්‍රීඩකයෝ කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් ලබා ගන්නවා.

පුවත

අංජල ටෙස්ට් දොරටුව අභියසට – එෂාන් මාලිංගත් ටෙස්ට් සංචිතයට

පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට යොවුන් කඩුලු රකින්නකු සහ පිතිකරුවකු වන අංජල බණ්ඩාර ඇතුළත් කර තිබේ. සීමිත පන්දුවාර තරග රටාව තුළ දස්කම් දැක්වූ වේග පන්දු යවන්නකු වන එෂාන් මාලිංගට ද ටෙස්ට් සංචිතයේ ස්ථානයක් හිමිවීම මෙවර සංචිතයේ කැපී පෙනෙන කරුණු අතර වේ.

පුවත

සංජනා සහ ලිමංසා එක් ව පාකිස්තානය නැවතත් පරාජය කරයි

නැවත වතාවක් සංජනා කාවින්දි ගේ ප්‍රහාරාත්මක පිතිහරඹයත් සහ ලිමංසා තිලකරත්න ගේ තුන් ඉරියව් දක්ෂතාත් සමඟින් ශ්‍රී ලංකා කාන්තා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම, පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහි ව ජයග්‍රහණයක් වාර්තා කරනවා.

පුවත

ආනන්දයේ දනිඳු ශතකයක් වාර්තා කරයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරන අන්තර් පාසල් පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති කොළඹ ආනන්ද විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර තරගයේ දී කොළඹ ආනන්ද විද්‍යාලයේ දනිඳු සෙල්ලපෙරුම ශතකයක් වාර්තා කළා.

පුවත

ශ්‍රී ලංකා බාළිකාවෝ අවසන් සටනට සුදුසුකම් ලබා ගනිති

පාකිස්තානයේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි-20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අටවැනි තරගයෙන් සත්කාරක පාකිස්තාන කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ සමත් වූහ. ඒ සමගම ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ ලබන 16 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගය සඳහා ස්ථානය ස්ථීර කර ගැනීමටද සමත්වූහ.

පුවත

CDB කණ්ඩායම තව දුරටත් අපරාජිත කිරුළ රැක ගනී

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය 33 වැනි වරටත් සංවිධානය කරන Singer – MCA Super Premier League එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ තවත් තරග ත්‍රිත්වයක් අවසන් වූ අතර එහි දී CDB කණ්ඩායම මෙවර තරගාවලියේ 4 වැනි තරගයත් ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

පුවත

17න් පහළ තුන් දින තරගය විසඳුමක් නෑ

ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැති එක ම තුන් දින තරගය විසඳුමකින් තොරව (11දා) අවසන් වුණා.

පුවත

පාකිස්තානය 2 වැනි තරගයත් ජය ගනී

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලිය තවත් තරගයක් ඉතිරි ව තිබිය දී ම තරග 2-0ක් ලෙසින් පෙරමුණ ගැනීමට පාකිස්තානය සමත් වුණා.

පුවත

දෙවැනි විස්සයි-20 ත් පාකිස්තානුවෝ ජය ගනිති

මාස් සදාකත්ගේ වේගවත් ලකුණු 96ත්, නායක සහිබ්සාදා ෆර්හාන්ගේ ලකුණු 73ත් හමුවේ දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළ පාකිස්තාන කණ්ඩායම, ශ්‍රී ලංකාවට එරෙහිව රාවල්පිණ්ඩිහිදී පැවැති දෙවැනි විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 82ක පහසු ජයක් වාර්තා කළේය. ඒ සමඟම තරග 3 කින් සමන්විත දෙරට අතර විස්සයි-20 තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට පාකිස්තානුවෝ සමත්වූහ.

පුවත

ශ්‍රී ලංකා – පාකිස්තාන යොවුන් තරගය ජය පැරදුමෙන් තොරයි

සසිත් බණ්ඩාරගේ විශිෂ්ට ශතකයෙන් පණ ගැන්වුණු ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර මුල්තාන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තුන් දින ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. තරගයේ අවසන් දිනය වූ අද (11) පාකිස්තාන යොවුන් පිල සිය පළමු ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 434කට අත්හිටුවමින් ලකුණු 149ක පළමු ඉනිමේ වාසියක් හිමි කර ගත්තේය. ඊට පිළිතුරු ලෙස දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුලු 6ක් දැවී ලකුණු 187ක් රැස් කරගෙන සිටියහ.

පුවත

සසිත් බණ්ඩාරගේ නොදැවුණු ලකුණු 96න් ශ්‍රී ලංකා යොවුන් පිලට ශක්තිමත් ආරම්භයක්

පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සමඟ මුල්තාන්හිදී පැවැත්වෙන තුන් දින ක්‍රිකට් තරගයේ පළමු දිනය (09 වැනිදා) නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 277ක් රැස් කරගෙන සිටියේය.

පුවත

සසිත් ශතකයක් වාර්තා කරයි; පාකිස්තානය 306/4

ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක ම තුන් දින තරගයේ 2 වැනි දිනය අවසන් වෙද්දී තම පළමු ඉනිමට ක්‍රීඩා කරමින් සිටින පාකිස්තාන ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 306ක් ලබා සිටියා.

පුවත

සත්සර මිහිරංග හොඳම පන්දු යැවීම වාර්තා කරයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරන අන්තර් පාසල් පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපක ප්‍රතිඵල තරගාවලියට එක් වුණා.

පුවත

17න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයෝ 277/8

ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක ම තුන් දින තරගයේ පළමු දිනය අවසන් වෙද්දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 277ක් ලබා සිටියා.

පුවත

කුසල් ගේ පළමු උත්සාහය අසාර්ථකයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලිය ආරම්භ කරමින් (9දා) Rawalpindi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති තරගයෙන් පාකිස්තාන ක්‍රීඩකයෝ කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගන්නවා.

පුවත

සංජනා පාකිස්තානයටත් සැරට තලයි

නැවත වතාවක් සංජනා කාවින්දි ගේ ප්‍රහාරාත්මක පිතිහරඹය ශ්‍රී ලංකා කාන්තා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට ඉවහල් වෙනවා. මෙවර ඇය තම ප්‍රහාරය එල්ල කරන්නේ සත්කාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිවයි.

පුවත

ICC සමඟ සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සහතිකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ ගරු සභාපති එරාන් වික්‍රමරත්න මහතා මෑතකදී රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් නිකුත් කරමින්, එම ප්‍රකාශ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සම්බන්ධයෙන් කිසිදු අහිතකර අදහසක් ප්‍රකාශ කිරීමේ අරමුණින් සිදු නොකළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව අවධාරණය කරයි.

පුවත

ශ්‍රී ලංකා බාළිකාවෝ පළමු වතාවට පාකිස්තානය පරදවති

සංජනා කවින්දිගේ විශිෂ්ට පිතිහරඹයත්, පන්දු යැවීමේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතාවත් හේතුවෙන් පාකිස්තානයේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි-20 තුන්කොන් තරගාවලියේ හයවැනි තරගයෙන් පාකිස්තාන යොවුන් කණ්ඩායමට එරෙහිව කඩුලු 9ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ අද (09 දා) සමත් වූහ.

පුවත